
ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.කේ. ඒ.එස්. සේනානායක උතුරු පළාතේ හා යාපනය දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරයා ලෙස ගත කළ සේවා කාලය තුළ ලැබූ අත්දැකීම් සම්භාරය ඇසුරින් ලියා පළ කරන ලද ‘‘විනිවිඳිමි තල්වැට’’ ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවය ගිහි පැවිදි ආරාධිතයන් හා ප්‍රභූන් රැසකගේ ප්‍රධානත්වයෙන් 26 වැනි ඉරිදා පස්වරු 2.30 ට කොළඹ රේගු මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
උතුරු පළාත භාරව රේගුවේ ප්‍රධානියා ලෙස සේවය කරන අතරතුර තමන්ට විඳින්නට හා මුහුණ දෙන්නට සිදු වූ අභියෝග, දුෂ්කරතා හා මිහිරි අමිහිරි අත්දැකීම් මෙන් ම උතුරු පළාතේ ජන ජීවිතය, ඔවුන්ගේ ඇදහිලි විශ්වාස ඇවතුම් පැවතුම්, පුරාවිද්‍යාත්මක හා පෞරාණික වටිනාකම්, සෞන්දර්යාත්මක වටිනාකම් පමණක් නොව, ආර්ථික සමාජ දේශපාලන වටිනාකම් ද මැනවින් ග්‍රහණය කර ගනිමින් ලියන ලද රසාලිප්ත නිර්මාණාත්මක වාර්තාකරණයක් ලෙස විනිවිඳිමි තල්වැට හඳුන්වා දිය හැකිය. විනිවිඳිමි තල්වැට කර්තෘ ප්රකාශනයකි. එස් ඇන්ඩ් එස් ප්‍රින්ටර්ස් මුද්‍රණයකි