අන­ව­සර ගොඩ­කි­රීම් කළොත් දැන් වැඩ වරදියි ! | Page 2 | සිළුමිණ

අන­ව­සර ගොඩ­කි­රීම් කළොත් දැන් වැඩ වරදියි !

‘එක රටක් - එක නීති­යක්’ යන්න අද රට පුරාම ක්‍රියා­ත්මක කර­වී­මට රජය උත්සාහ දරයි. ඒ අනුව අද මොන ජගතා වුවත් වර­දක් කළොත් ඒ අය­ටත් නීතිය එක සමා­නව ක්‍රියා­ත්මක කෙරෙයි.

අප මේ අද­හස ඉදි­රි­පත් කළේ පසු­ගිය දිනක අපි පිළි­ය­න්දල කර­දි­යාන බට්ටි­යා­වත්ත ප්‍රදේ­ශයේ දුටු සුවි­ශේෂ සිදු­වී­මක් නිසාය. 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට මාස­ය­කට පෙර යහ­පා­ලන රජයේ ප්‍රාදේ­ශීය දේශ­පා­ල­න­ඥ­යන්ගේ උදව් ඇතිව ගොඩ­කළ පිළි­ය­න්දල කර­දි­යාන බට්ටි­යා­වත්තේ වගුරු බිමක පස් සම්පූ­ර්ණ­යෙන් ඉවත් කිරීමේ සිද්ධිය ඒ සුවි­ශේෂි අව­ස්ථා­වයි.

පිළි­ය­න්දල වේරැස් ගඟ ගංව­තුර පාලන ව්‍යාපෘ­තිය සඳහා පව­රා­ගෙන තිබු අක්ක­ර­ය­කට වඩා විශාල අත­හැර දමන ලද කුඹුරු ඉඩ­මක් අන­ව­ස­ර­යෙන් ගොඩ­කර තිබූ අව­ස්ථා­වක ශ්‍රී ලංකා ඉඩම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාව මඟින් එහි තිබූ පස් ටිපර් රථ 15ක් මඟින් ඉව­ත්කර ගනු ලැබීම පසු­ගිය දින­ව­ලදී සිදු­විය. මේ පස් ගොඩ­කි­රීම නිසා ප්‍රදේ­ශයේ විශාල ජල මාර්ගයේ ජල පරි­ව­හ­න­යට බාධා එල්ලවී තිබිණි.

වේරැස් ගඟ ගංව­තුර පාලන ව්‍යාපෘ­තිය ආරම්භ කරනු ලැබුවේ වත්මන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ආර­ක්ෂක ලේකම් ලෙස කට­යුතු කරන කාල­යේ­දීය.

ඒ පිළි­බ­ඳව කරුණු දැක්වූ ශ්‍රී ලංකා ඉඩම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාවේ ප්‍රජා සංව­ර්ධන කළ­ම­නා­කරු නිශාන්ත යල්කු­ඹුර මහතා මෙසේ පව­සයි.

ඉස්සර අපි පව­රා­ගත් ඉඩ­මක් වුවත් ගොඩ කළාට පසු ඉවත් කරන්න අපිට අප­හසු වුණා. ඒ ඉහළ නිල­ධා­රින් බල­ධා­රින් කෙළින් කට­යුතු කළේ නැති නිසා. නමුත් දැන් තත්ත්වය වෙනස්. ගෝඨා­භය රාජ­පක්ෂ ජන­ප­තිගේ වැඩ­පි­ළි­වෙළ අනුව නීතිය සැම­ටම සමා­නව ක්‍රියා­ත්ම­කයි. දැන් අපේ අලුත් සභා­ප­ති­තු­මාත් මේ පිළි­බ­ඳව හරි­යට ඍජුව කට­යුතු කිරීම නිසා අප­ටත් රාජ­කාරි හරි­යට කරන්න පහ­සුයි.

2013 - 19 කාලයේ බෙල්ල­න්විල පැපි­ලි­යාන ප්‍රදේ­ශ­ව­ලට ආරම්භ කරපු වේරැස් ගඟ ව්‍යාපෘ­තිය යටතේ අපි බෝකු­න්දර ප්‍රදේ­ශයේ මහ­ඇළ සකස් කළා.

ඒ මඟින් මහ­ර­ගම හා අවට ප්‍රදේ­ශ­වල එක­තු­වන වැසි ජලය පවා මේ ඇළ මඟින් බොල්ගොඩ ගඟට යොමු කර­නවා. වේරැස් ගඟ සම්පූර්ණ ව්‍යාපෘ­ති­යට ශ්‍රී ලංකා ඉඩම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාව රුපි­යල් කෝටි 1400ක් වැය කර­නවා.

මෙහි එක් අදි­ය­රක් ලෙස දැන් පිළි­ය­න්දල කර­දි­යාන ප්‍රදේ­ශයේ ජල මාර්ග හා ජලාශ අලු­තින් සකස් කර­නවා. ඒ සඳහා අපි ඉඩම් පව­රා­ගෙන තිබුණේ. නමුත් ඒ සම­හර ඉඩම් පසු­ගිය වසරේ අග­භා­ග­යේදි කුණු කසළ දමා උඩින් ගල් දමා ගොඩ­කර තිබුණා. ඉන් එක් ඉඩ­මක තමයි අපි පස් ඉවත් කරන්නේ.

ඒ අනුව අපේ සභා­පති මේජර් ජන­රාල් එම්.ආර්.ඩබ්. සොයිසා මහ­තාගේ උප­දෙස් අනුව මේ ස්ථානයේ පස් සම්පූ­ර්ණ­යෙන්ම ඉවත් කිරී­මට කට­යුතු සිදු­ක­රන්න පටන් ගත්තා. නිශාන්ත යල්කු­ඹුර මහතා පව­සයි.

ඒ අනුව පසු­ගිය 22 - 23 - 24 දින­ව­ලදි පස් කියුබ් 700ක් විතර ඉවත් කර ඇත. ඒ සඳහා විශාල ප්‍රමා­ණයේ ටිපර් රථ 15ක් පාවිච්චි කර තිබේ.

මේ පිළි­බ­ඳව අපට කරුණු දැක්වූ ව්‍යාපෘති වැඩ පරී­ක්ෂක ගයාන් ප්‍රිය­ද­ර්ශන මහතා පැව­සුවේ මේ පස් ඉවත් කිරීමේ කට­යු­ත්තට පිළි­ය­න්දල පොලි­සියේ ද පූර්ණ සහාය ලැබුණු බවයි.

මේ පිළි­බ­ඳව අද­හස් දැක්වූ ශ්‍රී ලංකා ඉඩම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාවේ සභා­පති මේජර් ජන­රාල් එම්.ආර්.ඩබ්ලිව්. සොයිසා මහතා පැව­සුවේ තම ආය­ත­නයේ ව්‍යාපෘ­ති­යක් වන මේ වේරැස් ගඟ ව්‍යාපෘති ප්‍රදේ­ශයේ සිදු­කළ අන­ව­සර ගොඩ­කි­රම් දෙකක පස් ඉව­ත්කි­රී­මට දැන­ට­මත් තම ආය­ත­නයේ නිල­ධා­රින් කට­යුතු කළ බවයි.

“අපි මේ ව්‍යාපෘ­තිය යටතේ කරන්නේ අවට ප්‍රදේ­ශයේ ගංව­තුර ඇති­වීම අවම කර ප්‍රදේ­ශයේ පරි­ස­රය සංර­ක්ෂ­ණය හා ලස්සන කිරී­මයි. අපි මේ ප්‍රදේ­ශයේ ජලාශ ඉදි­කර ඉහළ ප්‍රදේ­ශයේ ජලය පහළ බොල්ගොඩ ගඟට යවන්න කට­යුතු කර­නවා. නමුත් ඊට බාධා­කර ඒ ජල මාර්ගය සහ ඉඩම් ගොඩ­කළ විට අපේ කට­යු­තු­ව­ලට ඉම­හත් බාධා­වක් වෙනවා.

‍ මේවායේ අන­ව­සර වගුරු බිම් ගොඩ­කි­රී­මෙන් පාරි­ස­රි­කව ඇති­වන හානිය අති විශා­ලයි. ඒ හානිය අවම කරන්න මහ­ජන මුදල් වැය කර­මින් අපිට දැන් මේවාගේ අන­ව­සර ගොඩ­කි­රී­ම්වල පස් ඉවත් කරන්න සිදු­වෙලා තිබෙ­නවා. ඒක ජාතික අප­රා­ධ­යක්. ඒ පිළි­බ­ඳව මේ නීති විරෝධි ගොඩ­කි­රීම් කරන අය කල්පනා කළ යුතුය.

මේ පිළි­ය­න්දල කර­දි­යාන බට්ටි­යා­වත්ත ප්‍රදේ­ශයේ වගුරු බිම් ප්‍රදේ­ශ­යට අපි අ‍ෙප්ක්ෂා කළේ ප්‍රදේ­ශයේ වැසි වතුර ගලා­යන ජලා­ශ­යක් විදි­යට සකස් කරන්න. නමුත් මේ අන­ව­සර ගොඩ­කි­රීම් නිසා එක­තු­වෙන වැසි ජලය පිටාර ගැලීම නිසා අවට ජන­තා­වගේ ජන ජීවි­ත­යට හා අපේ වේරැස් ගඟ ව්‍යාපෘ­ති­යට බාධා එල්ල වුණා. ඒ නිසයි අපි මේ පස් ඉවත් කිරී­මට කට­යුතු කළේ.” සභා­ප­ති­ව­රයා පව­සයි.

“මේ වගු­රු­බිම් හා අත්හැර දැමූ කුඹුරු ඉඩම් ගොඩ­කි­රීම වළ­ක්වන්න හා ඒවා ගොඩ­ක­රන අයට දඬු­වම් දීමට අලුත් පන­තක් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කර­නවා.

ඒ පනත අනුව අන­ව­සර ගොඩ­කි­රීම් නව­තා­ලීමේ බල­තල හා ඒවා කරන අයට දඬු­වම් දීමේ බල­තල අපට ලැබෙ­නවා.

ඒ අයට සිර දඬු­වම් දීමට හා අන­ව­සර ගොඩ­කි­රීම් කරන අය­ටම ඒවා ඉවත් කිරී­මට අදාළ නීති­රීති මේ නව පනත මඟින් ක්‍රියා­වට නංවන බවත් සභා­ප­ති­ව­රයා කීය.

දැන­ටම දෙල්කඳ ප්‍රදේ­ශයේ අක්කර 4ක ඉඩ­මක් හා වේරැස් ගඟ ආශ්‍රිත කලා­පයේ හඳු­නා­ගත් විවිධ අන­ව­සර ගොඩ­කි­රීම් ස්ථාන­වල පස් ඉවත් කිරී­මට පිය­වර ගෙන ඇති බවත් ඒවාට පොලි­සියේ සහාය ලැබෙන බවත් සභා­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

ඉඩම් අත්පත් කර ගැනීමේ පනත අනුව එහි 38 ආ වග­න්තිය යටතේ 2019 වසරේ ගැසට් කර රජ­යට පව­රා­ගත් මේ කර­දි­යාන ඉඩම පසු­ගිය වසර අග භාග­යේදි ගොඩ­කර තිබිණ.

යම් අය­කුට යම් අත්‍ය­වශ්‍ය කරු­ණක් සම්බ­න්ධ­යෙන් හෝ මොන­යම් අව­ශ්‍ය­තා­වක් වෙනු­වෙන් හෝ ඉඩම් ගොඩ­කි­රී­මට අයකු කට­යුතු කරන්නේ නම් ඒ සඳහා නීති රෙගු­ලා­සි­ව­ලට අනුව කට­යුතු කළ යුතුව ඇතැයි ඉඩම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාව පව­සයි.

මේ පිළි­බ­ඳව අද­හස් දැක්වූ මෙම ගොඩ­ක­රන ඉඩමේ අයි­ති­ක­රුවූ ටි.එච්. සරත් ප්‍රේම­ජ­යන්ත මහතා පැව­සුවේ මේ ඉඩම අක්ක­ර­යක් විශාල බවයි. තමාට හොරෙන් තම ඉඩම කවුරු හරි ගොඩ­කර ඇති බවත් මේ පස් ඉවත් කිරී­මට තමා පූර්ණ සහාය ලබා­දෙන බවත් ඔහු කීය. තමාට වන්දි­යක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු කීය.

පිළි­ය­න්දල කර­දි­යාන බට්ටි­ය­වත්ත තවත් වගුරු ඉඩම් කීප­යක් මෙසේ අන­ව­සර ලෙස ගොඩ­කර ඇත. ඒ නිසා ඇති­වන ගංව­තුර නිසා ජන­තාව ඉම­හත් පීඩා විඳිති.

මේ පිළි­බ­ඳව අද­හස් දැක්වූ කර­දි­යාන බට්ටි­ය­වත්ත පදිංචි ඩී.එම්. නදීකා මහ­ත්මිය පැව­සුවේ මේ ඉඩම් අන­ව­සර ලෙස ඉදි­කි­රීම නිසා ප්‍රදේ­ශයේ ගංව­තුර වැඩිවූ බවයි.

“මේ අපේ ගේ ඉස්ස­රහ තිබෙන ඉඩම ගොඩ­ක­රන්න පටන් ගත්තේ 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සති 2 - 3 කට කලින්. පසු­ගිය දව­ස්වල ඒ ඉඩම ගොඩ­ක­රපු අය ඒක විකු­ණ­න්නත් දාලා තිබුණේ. ඒ ඉඩම මිලට ගන්නත් කට්ටිය ආවා. පර්චස් එක ලක්ෂ 4යි කිව්වා. මේ ඉඩම ගොඩ­කි­රීම නිසා වහින කාලෙට අපේ ගෙවල් යට­වෙ­නවා. බට්ටි­යා­වත්ත පාරත් යට­වෙ­නවා. දරු­වන්ට පාසල් යන්න­වත් බැහැ. ඒ පස් අයින් කරන එක ඉතා හොඳ වැඩක්.” නදීකා මහ­ත්මිය පව­ස­න්නීය.

බට්ටි­යා­වත්ත ප්‍රදේ­ශයේ තිබෙන ප්‍රධාන විහා­ර­ස්ථා­නය වන කර­දි­යාන වාලු­කා­රා­මයේ විහා­රා­ධි­කාරි මකු­ළු­දූවේ සාරා­නන්ද හිමි­පා­ණන් පැව­සුවේ මේ ප්‍රදේ­ශයේ අන­ව­සර ගොඩ­කි­රීම් නිසා වැසි කාල­යට තම විහා­ර­ස්ථා­න­යට එන මාර්ගය පුරා ජල­ගැ­ලීම් ඇති­වන බවයි.

“අපි කැම­තියි මේ පස් ටික ඉවත් කරන එක පිළි­බ­ඳව. අපි ඒ වැඩ­ස­ට­හ­නට පූර්ණ සහාය දෙනවා. ඒ වගුරු බිම් තිබුණා නම් වැසි කාල­යට වතුර උරා ගන්නවා. ඒවා නැති නිසා වැසි වතුර දෝරේ යනවා. අවට පරි­ස­රය සුරැ­කීම සිදු­වෙ­නවා නම් මේ පන්ස­ලට එන බෞද්ධ ජන­තා­ව­ටත් හොඳයි.” උන්ව­හන්සේ පව­සති.

ප්‍රදේ­ශ­වාසි ජන­තාව මෙන් ම පරි­සර සංවි­ධාන ද පව­සන්නේ පසු­ගිය කාල­වල විවිධ දේශ­පා­ලන බල­පු­ළු­ව­න්කා­ර­කම් අනුව සිදු­කළ අන­ව­සර ගොඩ­කි­රීම් සඳහා විරු­ද්ධ­වී­මක් පසු­ගිය කාලයේ සිදු නොවු­ණත් දැන් මේ පාරි­ස­රික විනා­ශය පිළි­බ­ඳව රජය ඍජුව කට­යුතු කිරීම ප්‍රශං­ස­නීය බවයි.

“මීට පෙර අපේ රටේ මෙලෙස වගුරු ඉඩම් ගොඩ­ක­රන ලද පස් ඉවත් කිරී­මක් සිදු වුණේ නැහැ. ඒවා නඩු දාලා ඇදි ඇදී තිබුණා” මිහි­තල මිතුරෝ පරි­සර පද­නමේ ලේකම් කරු­ණා­දාස මූණ­ගම මහතා පව­සයි. වත්මන් රජයේ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ නාය­ක­ත්වය හා උප­දෙස් අනුව මේ වැඩ­ස­ට­හන ඍජුව ක්‍රියා­ත්මක වීම පිළි­බඳ හරිත මිතුරෝ පරි­සර පද­නමේ ලේකම් ප්‍රිය­ද­ර්ශන සමන් කුමාර ඇතුළු පරි­සර සංවි­ධාන ද සිය සතුට පළ කරති.

මේ පිළි­බ­ඳව අද­හස් දැක්වූ පිළි­ය­න්දල කර­දි­යාන බට්ටි­යා­වත්ත පදිංචි නිරෝෂා ශ්‍යාමලි මහ­ත්මිය පැව­සුවේ පරි­ස­රය විනාශ කරන මෙවැනි අන­ව­සර ගොඩ­කි­රීම් ඉවත් කිරීම පරි­සර හිත­කාමි කට­යු­ත්තක් බවයි.

ඒ අනුව තම නිවාස අසල ගංව­තුර ගැලීම වැළැ­ක්වී­මට ඉඩම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාව කට­යුතු කිරීම අගය කරන්න ඕනෑ බවද ශ්‍යාමලි මහ­ත්මි­යද පෙන්වා දුන්නාය.

සල්ලි හම්බු කරන්න පරි­ස­රය විනාශ කරන අපේ රටේ අන­ව­සර ගොඩ­කි­රීම් හා අන­ව­සර ඉදි­කි­රීම් නිසා අපේ රටේ ජල මාර්ග­වල ගම­නට බාධා එල්ලවී පාරි­ස­රික ගැටලු රැසක් නිර්මා­ණය කරයි. ඒවා වැළැ­ක්වී­මට ඉඩම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාව මේ දින­වල කට­යුතු කිරීම රටේ පරි­සර සංර­ක්ෂ­ණ­යට ඉම­හත් මෙහෙ­යකි. ඊට පූර්ණ සහාය දීම පරි­ස­ර­යට මෙන් ම රටට ආදරේ කරන සැමගේ යුතු­ක­මකි.

 

ඡායාරූප - සරත් පීරිස්

 

Comments