සත්වෝ­ද්‍යා­නය දෙහි­වල සිට කහ­පො­ළට... ‘පනින්න පෙර සිතා බලනු’ | සිළුමිණ

සත්වෝ­ද්‍යා­නය දෙහි­වල සිට කහ­පො­ළට... ‘පනින්න පෙර සිතා බලනු’

දෙහි­වල සත්වෝ­ද්‍යා­නය, පිළි­ය­න්දල කහ­පොළ ප්‍රදේ­ශ­යට රැගෙන යෑමේ පුව­තක් පසු­ගි­යදා මාධ්‍ය ඔස්සේ පළ විය. පසු­ගිය 20 වැනිදා ‍ජාතික සත්වෝ­ද්‍යාන සහ උද්භිද උද්‍යාන දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් පිරි­සක් සමඟ සංචා­රක අමාත්‍ය ප්‍රසන්න රණ­තුංග මහතා පැවැත්වූ සාක­ච්ඡා‍ව­කදී මෙම අද­හස ඉදි­රි­පත්වී තිබේ.

දෙහි­වල සත්වෝ­ද්‍යා­නයේ පව­තින වත්මන් තත්ත්වය පිළි­බ­ඳව වාර්තා­වක් ලබා දෙන ලෙස සංචා­රක අමාත්‍ය ප්‍රසන්න රණ­තුංග විසින් අමා­ත්‍යාංශ ලේකම් එස්. හෙට්ටි­ආ­ර­ච්චිට උප­දෙස් දී ඇති අතර දෙහි­වල පිහිටි සත්වෝ­ද්‍යා­නය පිළි­ය­න්දල කහ­පො­ළට රැගෙන යෑමට හේතු ලෙස මෙහිදී පෙන්වා දී තිබෙන්නේ වඩාත් ඉඩ­කඩ ඇති භූමි ප්‍රදේ­ශ­යක සත්වෝ­ද්‍යා­නය ඉදි කිරී­මෙන් සතුන්ට යහ­ප­තක් සිදු වන බවයි. සතුන් කූඩු කර නැර­ඹීමේ ක්‍රම­වේ­දය වර්ත­මා­නයේ යල් පැන ගිය ක්‍රම­වේ­ද­යක් බැවින් නවීන ලෝක­යට ගැ‍ළපෙන පරිදි සකස් කිරීම අත්‍ය­වශ්‍ය බවත් එය සත්ව හිංස­න­යක් සිදු නොවන ආකා­ර­යෙන් සිදු කළ යුතු බවත් අමා­ත්‍ය­ව­රයා පෙන්වා දී තිබේ.

දෙහි­වල සත්වෝ­ද්‍යා­නය පිළි­ය­න්දල කහ­පො­ළට රැගෙන යෑමට, විරෝ­ධය පාමින් එහි සේවක සේවි­කා­වන් 26 වැනි බදාදා දහ­වල් කෑම පැයෙන් පැය ½ කදී නිහඬ විරෝ­ධ­යක් ක්‍රියා­ත්මක කිරී­මට නිය­මි­තව තිබුණි. එහෙත් එය අත්හි­ටු­වනු ලැබුවේ සංචා­රක අමා­ත්‍ය­ව­ර­යාගේ අමා­ත්‍යාංශ ලේකම් එස්. හෙට්ටි­ආ­රච්චි විසින් කහ­පො­ළට රැගෙන යෑම අමා­ත්‍ය­ව­රයා යෝජ­නා­වක් වශ­යෙන් පැව­සු­වද එය තව­මත් ස්ථිර අද­හ­සක් වී නොමැති බව සේවක සේවි­කා­වන්ට දැනුම් දුන් නිසා ය. අගෝස්තු 31 වැනි දින (හෙට දින) දෙහි­වල සත්වෝ­ද්‍යා­නයේ වෘත්තීය සමිති නාය­ක­යන් මේ සම්බ­න්ධ­යෙන් සංචා­රක අමාත්‍ය ප්‍රසන්න රණ­තුංග සමඟ සාක­ච්ඡා­වක් පැවැ­ත්වී­මට නිය­මි­තව තිබේ.

ජාතික සත්වෝ­ද්‍යා­නය දෙහි­වල ස්ථාපිත කර වසර 84 ක් ගත වී ඇත. මෙහි වප­ස­රිය අක්කර 23 කි. මුලින් ම සත්ව කූඩු යටතේ සතුන් රඳවා තැබූ­වද අද වන­විට ‘සත්ව අරණ’ යන සංක­ල්පය ක්‍රියා­ත්මක වන්නේ සත්ව කූඩු සංක­ල්පය පැරණි සංක­ල්ප­යක් වන බැවිනි. 1982 ට පෙර මෙය වන­ජීවී අමා­ත්‍යාං­ශ­යට අයත් වුව ද එතැන් සිට ජාතික සත්වෝ­ද්‍යාන පනත යටතේ දෙපා­ර්ත­මේ­න්තුව ස්ථාපිත කෙරිණි. වර්ත­මා­නයේ ජාතික සත්වෝ­ද්‍යාන සහ උද්භිද උද්‍යාන අයත් වන්නේ සංචා­රක අමා­ත්‍යාං­ශ­ය­ටයි. මේ වන­විට ජාතික සත්වෝ­ද්‍යා­නය දෙහි­ව­ලට පම­ණක් සීමා වී නැත‍. පින්න­වල වාගොල්ල, හම්බ­න්තොට රිදී­ගම සෆාරි උද්‍යා­නය සහ හොරණ ගෝන­පොළ ගොවි­පොළ දක්වා මෙය පුළුල් වී තිබේ. ජාතික සත්වෝ­ද්‍යා­න­යක් පිහි­ටු­වීමේ මූලික අර­මුණ වන්නේ විනෝ­දා­ස්වා­ද­යයි. එසේ වුව ද ඊට පරි­බා­හිර අර­මුණු කීප­යක් ද මෙම­ගින් අපේ­ක්ෂි­තය. අධ්‍යා­ප­නික දැනුම ලබා­දීම, පර්යේ­ෂණ කට­යුතු සහ සතුන් අභි­ජ­න­නය කිරීම එවැනි අර­මුණු කීප­යකි. එහෙත් මේ වන­විට සංවෘත සංවෝ­ද්‍යාන කෙරෙහි පක්ෂ මෙන් ම විපක්ෂ අද­හස් ද මතු වී තිබේ. බොහෝ දෙනෙ­කු­ගෙන් එල්ල­වන විරෝ­ධ­තාව වනුයේ සතුන් කූඩු කර සිටී­මෙන් සත්ව හිංස­න­යක් වන බව ය. වැඩි ඉඩ­කඩ සහිත භූමි­යක ‘සත්ව අරණ’ සංක­ල්පය යටතේ සත්වෝ­ද්‍යාන ඉදි කිරී­මට පිය­වර ගනු ලැබුවේ එබැ­විනි. නව සංචා­රක අමා­ත්‍ය­ව­රයා පිළි­ය­න්දල කහ­පො­ළට ජාතික සත්වෝ­ද්‍යා­නය රැගෙන යෑමට අද­හස් කළේ එම නිසා විය යුතු ය.

“ජාතික සත්වෝ­ද්‍යාන දෙපා­ර්ත­මේ­න්තුව යටතේ දෙහි­වල සත්වෝ­ද්‍යා­නය, රිදී­ගම සෆාරි උද්‍යා­නය සහ පින්න­වල වාගොල්ල සත්වෝ­ද්‍යා­නය තිබෙ­නවා. මෙම සත්වෝ­ද්‍යා­න­වල නවතා දමා තිබෙන ඉදි­කි­රීම් යළි ආරම්භ කරලා මේවා දියුණු කර ගන්නේ නැතිව අලු­තින් ම ස්ථාන­යක් පටන් ගැනීම අප­රා­ධ­යක් හැටි­ය­ටයි අපි නම් දකින්නේ. අලුත් තැනක් හද­නවා කියන්නේ කොයි තරම් ලොකු විය­ද­මක් ද? රටේ සල්ලි නාස්ති වෙනවා.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­ත්මයා රටේ මුදල්, ජාතික ධනය නාස්ති වීම වැළැ­ක්වී­මට පිය­වර ගනිද්දී මේ වගේ වෙලා­වක අලුත් ඉදි­කි­රී­ම­කට අත ගහන එක සුදුසු නැහැ. දෙහි­වල සත්වෝ­ද්‍යා­නයේ අඩු­පාඩු තිබෙ­නවා. ඒ අඩු­පාඩු පෙන්වා දෙන්න අපි සූදා­නම්. අපි කැමැ­තියි නව අමා­ත්‍ය­තුමා දෙහි­වල සත්වෝ­ද්‍යා­නයේ සංචා­ර­ය­කට සහ­භාගි වෙනවා නම්” යනු­වෙන් දෙහි­වල සත්වෝ­ද්‍යා­නය කහ­පො­ළට රැගෙන යෑමට එරෙ­හිව අද­හස් පළ කළේ ශ්‍රී ලංකා ජාතික සත්වෝ­ද්‍යා­නයේ පොදු­ජන සේවක සංග­මයේ සභා­පති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝ­පර්ය.

දෙහි­වල සත්වෝ­ද්‍යා­නයේ භූමි ප්‍රමා­ණය අක්කර 23 කි. පිළි­ය­න්දල කහ­පොළ භූමි ප්‍රමා­ණය අක්කර 72 කි. අක්කර 23 ට වඩා 72 විශාල බව අපි දනිමු. මාගේ මත­කයේ හැටි­යට පින්න­වල වාගොල්ලේ සත්වෝ­ද්‍යා­නයේ භූමි ප්‍රමා­ණය අක්කර 50 කි‍. එ‍හෙත් හම්බ­න්තොට රිදී­ගම සෆාරි උද්‍යා­නයේ වප­ස­රිය අක්කර 500 කි.

අක්කර 72 ට වඩා 500 විශාල බව ද අප විසින් පිළි­ගත යුතු ය. සතුන්ට නිද­හස භුක්ති විඳි­මින් ජීවත් වීමට රිදී­ගම සෆාරි උද්‍යා­නය තිබි­යදී තවත් උද්‍යා­න­ය­කට අත ගැසීමේ දැඩි අව­ශ්‍ය­තා­වක් පැන නඟින්නේ නැති බව අපගේ අද­හස ය. අනෙක, අධ්‍යා­ප­නික හා පර්යේ­ෂණ කට­යුතු සඳහා පැමි­ණෙන අයට දුම්රි­යෙන් හෝ බස් රියෙන් පැමි­ණීමේ පහ­සුව තිබෙන්නේ දෙහි­වල ජාතික සත්වෝ­ද්‍යා­න­ය­ටය. මෙහිදී නර­ඹ­න්න­න්ගේත් දැනුම රැස් කර­න්න­න්ගේත් ප්‍රවා­හන පහ­සු­කම් කෙරෙ­හිද අව­ධා­නය යොමු කිරීම වටී.

සාමා­න්‍ය­යෙන් සංවෘත සත්වෝ­ද්‍යාන මගින් සතුන්ගේ නිද­හස සීමා වන බවට චෝදනා කළ ද ඉන් සැ‍ලසෙන වාසි කීප­යක් කෙරෙහි සත්ව විද්‍යා­ඥ­යන් අව­ධා­නය යොමු කරන්නේ ඕනෑම දෙයක හොඳ - නරක, වාසි - අවාසි තිබෙන බව අපට සිහි­පත් කර­මිනි. වනා­න්ත­රයේ ජීවත් වන සතුන් විලෝ­පි­ත­යන්ට ගොදු­රු­වීමේ දැඩි අව­දා­න­මක් පැව­තුන ද සත්වෝ­ද්‍යාන තුළ ජීව­ත්වන සතුන්ට එවැනි අන­තුරු නොමැති වීම හේතු­වෙන් මෙම සත්ව­යන්ගේ ආයු කාලය වැඩි­වීම එක් යහ­පත් කරු­ණකි. වනා­න්තර තුළ සිටින ඇතැම් සතුන් වඳ වී යෑමේ තර්ජ­න­යට ලක් වුව ද සත්වෝ­ද්‍යාන තුළ සිටින සතුන් අභි­ජ­නන ක්‍රියා­ව­ලිය මගින් බෝකර ආරක්ෂා කර ගැනී­මට හැකි වීම තවත් වාසි­දා­යක කාර­ණ­යක් ලෙස දැක්විය හැකි ය‍.

ඇතැම් සතුන් සත්වෝ­ද්‍යාන තුළ නොසිට වනා­න්තර තුළ ජීව­ත්වූයේ නම් මර­ණ­යට පත්වී මුළු­ම­නින් ම වඳවී යා හැකිය. එමෙන් ම විවිධ පර්යේ­ෂණ හා අධ්‍යා­ප­නික කට­යුතු සඳහා පැමි­ණෙන අයට සත්ව චර්යා­වන් නිරී­ක්ෂ­ණය කර ගැනී­මට සත්වෝ­ද්‍යාන තුළ සිටින සතු­න්ගෙන් මහත් පිටි­ව­හ­ලක් ලැබෙනු ඇත. වනයේ සිටින සතුන්ට සමීප වී නිරී­ක්ෂ­ණය කළ නොහැකි වූ‍වත් සත්වෝ­ද්‍යාන තුළ දිවි ගෙවෙන සතුන්ගේ සමී­ප­යට ගොස් නිරී­ක්ෂ­ණය කළ හැකි­වීම එම වාසි­යයි.

මේ අනුව සංවෘත සත්වෝ­ද්‍යාන යන සංක­ල්පය මුළු­ම­නින්ම බැහැර කළ යුතු නැත. එහෙත් වර්ත­මා­නයේ දී බොහෝ සත්වෝ­ද්‍යාන පව­ත්වා­ගෙන යනු ලබන්නේ විනෝද සහ ක්‍රීඩා කට­යුතු විෂය මූලික කර ගනි­මිනි. එබැ­වින් බල­ධා­රීන් ගේ ප්‍රමුඛ අර­මුණ වී තිබෙන්නේ ප්‍රද­ර්ශන මගින් මුදල් ඉප­යීම සහ ලාභය තර කර ගැනී­මය.

ජෛව සංර­ක්ෂ­ණය උදෙසා ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ හිමිවී තිබෙන්නේ අවැ­ද­ගත් ස්ථාන­යකි. එම නිසාම ‘සත්ව අරණ’ සංක­ල්පය යටතේ වුව ද සතුන්ට නොගැ­ළ­පෙන සීමිත ඉඩ­කඩ වෙන් කර තැබීම, සතුන් අධික ප්‍රමා­ණ­යක් ගාල් කිරීම සහ සත්ව භාර­ක­රු­වන්ට විධි­මත් ආකා­ර­යට නිසි අධ්‍යා­ප­න­යක් ලබා නොදීම හේතු­වෙන් ඔවුන් සතුන් කෙරෙහි දක්වන නොසැ­ල­කිල්ල වැනි අඩු­පාඩු රැසක් සත්වෝ­ද්‍යාන තුළ දැක­ගත හැකි ය.

නව අමා­ත්‍ය­ව­රයා මෙවැනි අඩු­පාඩු කෙරෙහි අව­ධා­නය යොමු කරන්නේ නම් එය ඉතා වැද­ගත් වනු ඇත. සත්වෝ­ද්‍යා­න­යක් යනු තව­දු­ර­ටත් සතුන් කොටු කර තබා ගනි­මින් විනෝ­දය සඳහා මුදල් උපයා ගන්නා මධ්‍ය­ස්ථා­න­යක් නොවන බව අව­බෝධ කර ගත යුතු ය‍. එමෙන් ම සත්වෝ­ද්‍යාන තුළ සැබෑ ලෙසම සත්ව සංර­ක්ෂ­ණ­යක් සිදු විය යුතු බව ද සිහි තබා ගැනීම වටී‍. මෙය බල­ධා­රීන්ට අව­ධා­ර­ණය කර­දීම ප්‍රථ­ම­යෙන් ම සිදු කළ යුතු කාර්ය­යකි.

මීට අම­ත­රව දෙහි­වල සත්වෝ­ද්‍යා­නයේ ලංකා­වට ආවේ­ණික දිවි­යන් නැත. මේ වන­විට දිවි­යන්ගේ කූඩු හිස්ව පවතී. ඔටුවෝ නැත. චීටා සතුන් ද නැත. සත්වෝ­ද්‍යා­නය මාරු කිරී­මට පෙර එහි අඩු­පාඩු සම්පූර්ණ කර ගැනීම වඩා වැද­ගත් පිය­ව­රක් වශ­යෙන් සඳ­හන් කළ හැකි ය.

“ජාතික සත්වෝ­ද්‍යාන සංචා­රක අමා­ත්‍යාං­ශ­යෙන් ඉවත් කරලා වන­ජීවී අමා­ත්‍යාං­ශ­යට පව­ර­නවා නම් හුඟක් හොඳයි. කෝච්චිය යන්න ඕනේ රේල් පාරෙ මිසක් බස් පාරේ නෙමෙ­යිනේ. කහ­පො­ළට ගෙන යෑම සම්බ­න්ධ­යෙන් අපේ අක­මැත්ත ප්‍රකාශ කරලා ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මැති­තු­මාට ලිඛි­තව දන්වා තිබෙ­නවා. විෂය භාර අමා­ත්‍ය­ව­ර­යා­ටත් යැව්වා. අගෝස්තු 21 දාත­මින් අපි යැවූ ලියු­මට අමා­ත්‍යාංශ ලේකම්ගේ දැනුම් දීම මත අති­රේක ලේක­ම්ව­ර­යාගේ අත්ස­නින් අපිට පිළි­තු­රක් ලැබුණා. එහි සඳ­හන් වුණේ දෙහි­ව­ලින් කහ­පො­ළට රැගෙන යෑම ගැන මෙතෙක් තීර­ණ­යක් ගෙන නොමැති බව‍. ඒ අය මෙතෙක් කියලා තිබුණු නිසා අපිත් අපේ නිහඬ විරෝ­ධය තාව­කා­ලි­කව නැවැ­ත්තුවා. ඇත්ත­ටම අපි වර්ජ­න­ය­කට නොගි­හින් නිහඬ විරෝ­ධ­ය­කට යන්න තීර­ණය කළේත් ගෝඨා­භය රාජ­පක්ෂ මැති­තුමා නිසා. එතුමා රට භාර ගත්ත ගමන් අපි වර්ජ­නය කරන්න හොඳ නැහැනේ. හෙට අමා­ත්‍ය­ව­රයා හම්බ­වෙන්න යන­වානේ. සාක­ච්ඡාව සාර්ථක වෙයි කියලා අපි විශ්වාස කර­නවා” යනු­වෙන් ශ්‍රී ලංකා ජාතික සත්වෝ­ද්‍යා­නයේ පොදු­ජන සේවක සංග­මයේ සභා­පති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝ­පර් සඳ­හන් කළේය.

ලංකාවේ සත්වෝ­ද්‍යාන වැඩි දියුණු කළ යුතුය. වෙන­ස්කම් සිදු කළ යුතු ය. එහෙත් කොරෝනා වසං­ග­තය හේතු­වෙන් අඩ­පණ වූ ආර්ථි­ක­යක් ඇති අපේ රටේ මෙය ඊට සුදුසු කාලය දැයි විචාර බුද්ධි­යෙන් විමසා බැලීම වටී.

Comments