
අපේ රටේ ජාතික වාර්තාවක් තබමින් මෙවර සිංහල අලුත් අවුරුදු සමයේ හා රාමසාන් අවුරුදු සමයේ ජනතාව මුහුණපා ඇති දුෂ්කරතා සමනය කිරීමටත් කෝවිඩ් 19 නිසා ඇතිවූ දිගුකාලීන ආර්ථික ප්‍රශ්න සමනය කිරීමටත් මෙරට පවුල් ලක්ෂ 40 කට පමණ රුපියල් 5000 සමාජ ප්‍රතිලාභ ලබාදීම රජය දැන් අරඹා ඇත.
දැනට ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක ඒ වැඩපිළිවෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ගේ හා අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ පූර්ණ උපදෙස් ඇතිව ආර්ථික පුනර්ජීවනය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක ප්‍රධානි බැසිල් රාජපක්ෂයන් මෙහෙයවයි.
සමෘද්ධි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ අධීක්ෂණය මත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරිගේ හා මෙරට සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නායකත්වය යටතේ මේ වැඩසටහන මෙවරත් සාර්ථකව ක්‍රියාත්මකවී දැන් අවසන් අදියරේ පවතී.
ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකාය හා සමෘද්ධි සංවර්ධන හා ගෘහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන අනුව මෙරට ජනතාව කෝවිඩ් වසංගතය නිසා විදි අපහසුතා වැළක්වීමට, ඒ අපහසුතා විදි ජනතාවට රුපියල් 5000 ගෙවීම යටතේ දැනට අදාල පවුල් වෙනුවෙන් රුපියල් 15000 කට වඩා මුදලක් අවස්ථා තුනකදී ලබාදී ඇත.
මෙරට ජනතාවට මෙවරත් හතරවැනි වරට මේ 5000 ලබාදීම පසුගිය අප්‍රේල් 12 දා ආරම්භ විය.
2020 අප්‍රේල් 2020 මැයි - ජූනි මාසවල රටටම මේ ප්‍රතිලාභ ලබාදුන් අතර 2020 ඔක්තෝබර්වල බස්නාහිර පළාතට පමණක් මේ ප්‍රතිලාභ ලබාදී ඇත. ඊට පසු 2021 වසරේ අප්‍රේල්වලදී මේ ප්‍රතිලාභ ලබාදෙන්නේ මෙරට රජයක් විසින් රෝගයකට මෙතරම් ආර්ථික සහන ලබාදීම පිළිබඳව ශ්‍රී ලාංකික වාර්තාවක් තබමින්ය.
මේ රුපියල් 5000 ලබාදීමේ වැඩපිළිවෙළ මුලින්ම ආරම්භ වූයේ 2020 අප්‍රේල් මාසයේදී. ඒ මාසයේදී අපේ රෙට් පවුල් ලක්ෂ 61 කට පමණ රුපියල් 5000 ලබාදී ඇත. ඊට පසු 2020 මැයි මාසයේදීත් පවුල් ලක්ෂ 58 කට පමණ රුපියල් 5000 ගෙවා ඇත.
ඊට අමතරව 2020 සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල ගම්පහ කොළඹ හා කළුතර දිස්ත්‍රික්කවල කෝවිඩ් නිසා දුෂ්කරතාවට පත් සමෘද්ධිලාභීන් අඩු ආදායම් ලාභීන් ලක්ෂ 18 කට පමණ 5000 ගෙවීමට කටයුතු කර තිබේ. ඊට පසු මෙවර 2021 අප්‍රේල්වල පවුල් ලක්ෂ 40 කට මේ රුපියල් 5000 ගෙවීම සුදුසු බව අග්‍රාමාත්‍ය කාර්යාලය උපදෙස් දී ඇත.
දීමනාව ලබාදීමේ තීරණයට අදාළ චක්‍රලේඛයක් අගමැති කාර්යාලයෙන් නිකුත්කර තිබෙන අතර ප්‍රතිලාභ පවුල් තෝරා ගැනීම කාණ්ඩ 07 ක් යටතේ සිදු කිරීමට නියමිත බව අගමැති කාර්යාලය ප්‍රකාශ කරයි.
අගමැති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය අනුව සමෘද්ධිලාභීන්, අඩු ආදායම්ලාභීන්, වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාලාභීන්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන්නන් සහිත පවුල් සඳහා එම දීමනාව පිරිනැමීමට නියමිතයි.
දීමනාව ගෙවීමේ දී ප්‍රතිලාභී පවුලකට ගෙවීම සිදුකරනු ලබන්නේ එක් කාණ්ඩයක් යටතේ පමණක් බවට අදාළ චක්‍රලේඛය මඟින් දක්වා ඇති අතර ඡන්ද හිමි නාමලේඛනයේ එක් ගෘහ මූලික අංකයක් යටතේ ලියාපදිංචි සිටිය ද එම ගෘහ මූලික ඒකකයේ ප්‍රධාන පවුල් ඒකකයට අමතරව අනු පවුල් වශයෙන් ජීවත්වන පවුල් සඳහා ද ගෙවීම සිදු කෙරේ.
ඒ අනුව මේ යටතේ සමෘද්ධිලාභී පවුල් 1,700,000 ක්, සමෘද්ධි පොරොත්තු ලේඛනයේ පවුල් 780,000 ක්, අභියාචනා පවුල් 726,000 ක්, වැඩිහිටි දීමනා ලබන පවුල් 626,000, ආබාධිත පුද්ගල දීමනාව ලබන පවුල් 123,000 ක්, වකුගඩු රෝගීන් සඳහා දීමනාව ලබන පවුල් 44,400 ක් ඇතුළුව පවුල් ලක්ෂ 40 කට සහ ග්‍රාමීය කමිටු හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිර්දේශ අනුව ජීවනෝපාය අහිමි පිරිස් සඳහා මෙම දීමනාව ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
රුපියල් 5000 දීමනාව ගෙවීම 12 දා ඇරඹුණු අතර ඒ අනුව සමෘද්ධිලාභී පවුල් අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල්, වැඩිහිටි දීමනාව ලැබෙන පුද්ගලයන් සිටින පවුල්, ආබාධිත දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල්, වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් දීමනා ලබන පුද්ගලයන් සිටින පවුල්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල් සහ ඉහත සඳහන් පවුල් කාණ්ඩ 6 යටතේ අභියාචනා ඉදිරිපත් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ පවුල් සඳහා එම දීමනාව ලබාදීමට සිදුකරමින් පවතී.
එම දීමනාව ගෙවීමේදී ඉහත සඳහන් ප්‍රතිලාභීන් සිටින පවුලකට රුපියල් 5000 ක් පමණක් ලැබෙන සේ ගෙවීම කළ යුතු බවට අගමැති කාර්යාලය ප්‍රකාශ කරන අතර යම් පවුලකට සමෘද්ධි හිමිකම් ලැබේ නම් හා වැඩිහිටි දීමනාව ලැබීමට සුදුසුකම් ලබන පුද්ගලයෙක් වේ නම් එම පවුලට රුපියල් 5000 එක් දීමනාවක් පමණක් හිමිවේ.
මෙම දීමනාව ගෙවීම සඳහා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මෙන් ම ප්‍රාදේශීය ලේකම් විසින් තීරණය කරනු ලබන වෙනත් සුදුසු නිලධාරීන් සහභාගි කරගෙන අදාළ දීමනාව කඩිනමින් ප්‍රතිලාභීන් වෙතට සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් ලබාදීමට කටයුතු කරන ලෙස ද අගමැති කාර්යාලය කියා සිටී.
මේ පිළිබඳව කරුණු දක්වන සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසන්නේ රුපියල් 5000 ලබාදීමේ වැඩපිළිවෙළට සියලුම සමෘද්ධි කළමනාකරුවන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මෙන් දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු පමණක් නොව ග්‍රාම නිලධාරීන් ද පූර්ණ සහාය දුන් බවයි.
“මේ වැඩපිළිවෙළ මේ ක්‍රියාත්මක කරන්නේ හතර වැනි වතාවටයි. දැන් මේ පවුල්වලත් මීට පෙර රුපියල් 15000 ක් ලබාදී තිබෙනවා. ඒ අනුව රජය කෝවිඩ් නිසා අසහනයට පත්වූ ජනතාව වෙනුවෙන් ගෙවන 5000 දීමනාව වෙනුවෙන් දැනට රජය වසරක් තුළ වැයකර තිබෙන මුදල රුපියල් කෝටි 6500 කට වැඩියි.
මෙවරත් රුපියල් 5000 ලබාදීමේ වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කරන්නේ මෙරට කෝවිඩ් 19 යටතේ ගැටලුවලට ලක්වූ ජනතාව මෙවර සිංහල අවුරුද්දේදී මුහුණපාන ආර්ථික ගැටලුවලට සහන සැලසීම පිණිසයි. ඒ අනුව මෙවර මේ වැඩපිළිවෙළ මඟින් සිංහල දෙමළ මුස්ලිම් පවුල් ලක්ෂ 40 කට පමණ සෙත සැලසෙනවා.
මේ වැඩපිළිවෙළ අනුව සාමාන්‍යයෙන් පවුල්වල පුද්ගලයන් ලක්ෂ 165 කට සෙත සැලසෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ හා ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ විශේෂ උනන්දුව හා මෙහෙයවීම මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා.
අපි මුල් ගෙවීම් ආරම්භ කළ අප්‍රේල් 12 වැනිදාට අපි පවුල් ලක්ෂ 12 ක් සඳහා රුපියල් 5000 ගෙවීම් කර තිබුණා. මේ සහනාධාරය හිමි පුද්ගල කාණ්ඩ 7 සඳහා ඒ ගෙවීම් ලබන අඟහරුවාදා දක්වා ගන්න පුළුවන්.
සුදුසුකම් තිබෙන අයට තමාට හිමි රුපියල් 5000 තවම ලැබුණේ නැත්නම් ඒ පිළිබඳව තම බළ ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරි හමුවී දන්වන්න පුළුවන්. රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි පැවසුවේ අවුරුදු නිවාඩු දින තිබුණත් රුපියල් 5000 බෙදාදීමේ කටයුත්ත ඉතා සාර්ථක ලෙස කෙරී අවසන් වෙමින් පවතින බවයි.
“අපේ සමෘද්ධි කළමනාකරුවන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 25000 ක් පසුගිය දිනවල සිංහල අලුත් අවුරුද්ද සැමරීම පසෙකට තබා මේ රාජකාරිවල නිරත වුණා. අපි ළඟ පසුගිය වසරේ මේ සහන ගෙව්ව නාම ලේඛනය තිබෙනවා නම් ඒ අනුව තමයි අපි මේ 5000 ගෙවීම් කරන්නේ.
මේ වසරේ සමෘද්ධි පවුල් ලක්ෂ 26කට පමණ මේ 5000 ගෙවීමට අපි කටයුතු කරනවා. ඒ අනුව අපේ රටේ සිටින පවුල් ලක්ෂ 40 කට පමණ මේ 5000 ලැබෙනවා. එමඟින් ඒ පවුල්වල සාමාජිකයන් ලක්ෂ 165 කට විතර සෙතක් ලැබෙන බව කිව යුතුයි.
ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ පූර්ණ උනන්දුව මත ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකා අධිපති බැසිල් රාජපක්ෂයන්ගේ මෙහෙයවීම හා අධීක්ෂණය මත මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. ඒ සමඟම සමෘද්ධි කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ හා රාජ්‍ය පරිපාලන ස්‍වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණය මේ වැඩපිළිවෙළට හිමිවෙනවා.
අපි මේ 5000 දීම ආරම්භ කළ මුල් දිනයේ එනම් 12 වැනිදා අවුරුදු කටේ වුවත් පවුල් ලක්ෂ 14 කට විතර 5000 දුන්නා. 15වැනිදා සවස වනවිට පවුල් ලක්ෂ 20කට සහනාධාර ලබාදීමට අපට අවස්ථාව ලැබුණා.
කෙසේ වුවත් එක් ගෘහ මූලික ලැයිස්තුවකට. එක් රුපියල් 5000 ක් පමණයි ලබාදිය හැක්කේ. සමෘද්ධි පවුලක ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්, ආබාධිතයෙක්, වකුගඩු රෝගියෙක් ගේ වයස 100 සම්පූර්ණවූ අයෙක් හිටියත් මෙවර ඒ පවුලට ලැබෙන්නේ 5000 යි. කෙසේ වුවත් සමෘද්ධි සහනාධාර නොලබන පවුල්වල ඉහත ක්ෂේත්‍රවල අයට පසුගිය වර මෙන් මේ 5000 සහනාධාර නොඅඩුව ලැබෙනවා.
වකුගඩු රෝගීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟිනුත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, ජ්‍යෙෂ්ඨ පුරවැසි මහලේකම් කාර්යාලයෙන් ආබාධිතයන්ට ආබාධිතයන් පිළිබඳ මහලේකම් කාර්යාලයෙන් ගෙවීම් කරනවා. ඒවා ජ්‍යෙෂ්ඨ පුරවැසියනට හා සිය වස පූර්ණ අයට අපේ නිලධාරි ඒ 5000 නිවසටම ගෙනහිල්ලා දුන්නා.
අවුරුදු දවසේත් ඊට පෙරදිනත් අපේ නිලධාරින් වැඩ කළා. මේ සැරේ අපිට අවුරුදු නිවාඩුව නැහැ. නමුත් මේ රාජකාරියට සමහර අය බාධා කළත් ජනතාවට මේ 5000 ප්‍රතිලාභය හැකි ඉක්මනින් රට පුරාම බෙදන්න අපි කටයුතු කරනවා. සිංහල අවුරුද්ද විතරක් නොවේ මුස්ලිම් අයගේ රාමසාන් උත්සවයත් මේ දිනවල යෙදී තිබෙනවා. ඒ අනුව මුස්ලිම් අයටත් අපි 12 වැනිදා 5000 ලබාදුන්නා. අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි පවසයි.
මේ උත්සව සමයේ යම් හේතුවක් මත රුපියල් 5000 ලැබිය යුත්තෙකුට ඒ මුදල ලැබී නැත්නම් තම ගමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට හෝ සංවර්ධන නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම්ට ඒ බව දැනුම් දෙන්න. නැත්නම් අප දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව දන්වන්න.
අවුරුදු නිවාඩුව නොතකා හදිසි රාජකාරියක් ලෙස මේ කටයුත්තට එක්වූ අපේ ඒ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු කළමනාකාරවරුන්ට සමෘද්ධි සංවර්ධන නිලධාරින් යන සියලු දෙනාට මා පෞද්ගලිකව ස්තුතිවන්ත වෙනවා මේ උතුම් සද්කාර්යයට දායක වීම පිළිබඳව.
අපි මේ රු. 5000 ජනතාවට ගෙවීම් කරන්නේ සමෘද්ධි බැංකු හරහායි. අපේ බැංකු 1073 ක් රටපුරා තිබෙනවා. නමුත් ඒවාට ලොකු මුදලක් ගන්න වුණාම ඒවා දෙන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව මඟින් තමයි ඒ සල්ලි ඉක්මනට ලබාදීමට ඒ බැංකුවල නිලධාරීන් කටයුතු කළා. ඒ සියලු දෙනාට මම නැවත වරක් ස්තුති කරනවා.
ඒ සමඟම රෙට් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් මේ වැඩේට ගොඩක් උදව් කළා. ඒ අයටත් අපි ස්තුතිවන්ත වෙනවා.
ඒ සමඟම සෑම සමෘද්ධි බැංකුවකට අනුබද්ධ සමෘද්ධි සමිති හා ප්‍රජා මූල සංවිධාන තිබෙනවා. ඒ අයත් අවුරුදු නිවාඩුව බලන්නේ නැතිව මේ වැඩේට උදව් කළා. අපි ඒ අයටත් ස්තුතිවන්ත විය යුතුයි.
මෙරට ජනතාවට මෙවැනි රෝගයක් සඳහා රු. 5000 දීමනාවක් හතර වරක් ලබාදුන් එකම රජය මෙය බව ප්‍රතිලාභී අඩු ආදායම්ලාභීහු අවධාරණය කරති. ඒ අනුව 5000 ලබාගත් වැඩිහිටි ආබාධිත වකුගඩු රෝගි ජනතාව ද ඒ පිළිබඳව රජයට ප්‍රශංසා කරති. මේ පිළිබඳ අදහස් දක්වන අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා පවසන්නේ සිංහල දෙමළ හින්දු අලුත් අවුරුදු සමයේ මහජනතාවට මුහුණ පා ඇති දුෂ්කර ජීවිතය යථාවත් කර ගැනීමට මේ සමාජ ප්‍රතිලාභ වැඩපිළිවෙළට දෙන සහය කෘතවේදීව අගය කරන බවයි.