
වාරියපොල කොළඹගම
ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී ආචාර්ය
පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ (කොළඹගම පොඩි හාමුදුරුවෝ)
භාග්‍යවත් බුදු පියාණන්වහන්සේගේ අනන්ත වූ අප්‍රමාණ වූ බුදු ගුණය සහ බලය ඒකාන්ත වශයෙන්ම සත්‍යයයි;විද්‍යාමානයි:මහානුභාව සම්පන්නයි. එබැවින් ඔබගේ යහපත සඳහා නිතර භාවිත කර අපමණ පිහිට ලබාගත හැකි තවත් ප්‍රබල එහෙත් සරල පූජා විදියක් පිළිබඳයි මෙවර දැනුම්වත් කිරීම.
සක්වල පුරා බුදුගුණ ආඥාව පැතිර පවති අතර ඒ උතුම් බුදුගුණ ඉක්මවා යන්නට මුළු තුන් ලොව කිසිවකුටත් බැහැ. බුදුගුණ සත්‍යය බවට බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයම සාක්ෂි දරනවා.
අනන්ත වූ අප්‍රමාණ වූ මේ බුදුගුණ සියල්ල එක්තැන් වූ මහානුභාව සම්පන්න ගාථාව ඉතිපිසෝ ගාථාවයි.
ඒ උතුම් වසංගත රෝග තත්ත්වයන් සමනයටත් විවිධ පීඩාකාරී තත්ත්වයන් සමනයටත් මෙම බුදු ගුණ බලය අතිශයින් ප්‍රයෝජනවත්.
ඔබේ ග්‍රහ පීඩා,කාය චිත්ත පීඩා පහත් පෙළේ බලවේගවලින් සිදු වෙන පීඩා අවම කරගත හැකිය. වසංගත රෝග තත්ත්වයන් සමනයටත් විවිධ පීඩාකාරී තත්ත්වයන් සමනයටත් මෙම බුදු ගුණ බලය අතිශයින් ප්‍රයෝජනවත්.
පළමුව සිත, කය, වචනය යන තුන් දොර පවිත්‍ර කරගෙන පුරුදු පරිදි තිසරණ සහිත පංචශීලය සමාදන් වෙන්න. තෙරුවන් වන්දනා කරන්න. මල්, පහන්, සුවඳ දුම් පැන් ආදීය පූජාකර බුද්ධ පූජාව පවත්වන්න. අනතුරුව පහත සඳහන් බුදු ගුණ වන්දනා ගාථා රත්නය තුන්වරක් සඡ්ඣායනය කරලා මගේ/අපේ සියලු පීඩාවන් දුරුවේවා කියා සත්‍ය ක්‍රියා කරන්න .
ඉන්පසු විෂ්ණු, කතරගම, පත්තිනි, ගණ, සරස්වතී,ගම්බාර සිද්ධ සූනියම් සහ තම තමන්ගේ පළාත්බාර,ගම්බාර දෙවිවරුන් ඇතුළු සමස්ත දේව සමූහයාට පින් අනුමෝදන් කරන්න.
බුදු ගුණ වන්දනා ගාථාව
සෝ භගවා ඉතිපි දසබලධාරී
දසබලධාරී වතසෝ භගවා
තං භගවන්තං දසබලධාරී සරණං ගච්ඡාමි
තං භගවන්තං දසබලධාරීං
සිරසා නමාමි
තේන දසබලඥාන තේජසා
සොත්ථි මේ /තේ හෝතු සබ්බදා
ඒතේන සච්ච වජ්ජේන
ග්‍රහ දෝසෝ විනස්සතු
ඒතේන සච්ච වජ්ජේන
භූත දෝසෝ විනස්සතු
ඒතේන සච්ච වජ්ජේන
දේවානං ජය මංගලම්
ඒතේන සච්ච වජ්ජේන
සොත්ථි මේ/ තේ හෝතු සබ්බදා
(මෙම ගාථාව අනුන්ට භාවිතයේදී තේ යනුවෙන් ද,තමන්ට භාවිතයේදී මේ යනුවෙන් ද භාවිත කරන්න)
සකස් කළේ, සුනිල් පොරමඬල