බීරළු රේන්ද ගෙතීමේ කලාව මෙරට කර්මාන්තයක් ලෙස ස්ථාපිත වූයේ පෘතුගීසි සමයේ දී ය. දකුණේ වෙරළබඩ ධීවර කර්මාන්තයේ යෙදුණු පවුල්වල කාන්තාවන්ගේ සිත්ගත් ඇඳුමක් වූයේ බීරළු රේන්ද අල්ලා අත් දිගට දමා කපු රෙද්දෙන් මැසූ කබාකුරුත්තුව නම් හැට්ටයයි.
බීරළු රේන්ද අල්ලා හැඩ වැඩ දැමූ ''කබාකුරුත්තුව" ඇඳි ලඳුන් අද ගාල්ලේ දකින්නට නොමැති නමුත් බීරළු රේන්ද ගොතන කාන්තාවන් කිහිපදෙනකු අදටද ගාල්ලේ...