ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආදායම් මාර්ග විවිධාකාරය. අදාළ රටෙහි ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ලැබෙන මාසික වැටුපට සහ රට වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වීමෙන් උපයා ගන්නා මුදලට අමතරව ක්‍රිකට් ක්‍රීඩකයන්ට පිටියෙන් ඔබ්බට තවත් ආදායම් මාර්ග එමටය. දෙස් විදෙස් ලීග් තරගාවලි සඳහා (ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ) මෙන්ම ක්‍රීඩා සමාජවලට ක්...