
* වෘෂභ අනපේක්ෂිත මුදල් ලාබ
* මිථුන වචන පාවිච්චිය පරෙස්සමෙන්
* සිංහ උසස් අයගේ ඇසුර
* වෘශ්චික ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න
* මීන ඉවසිලිමත්වීම වටී
මේෂ
ක්‍රියාශීලී වේ
ලග්නාධිපති කුජ දිග්බලයෙන් දහයේ උච්චව කේතු සමග සිටී. ගුරු, සිකුරු කේන්ද්‍රගතයි. මෙම පිහිටීම් අනුව තමාගේ වැඩකටයුතු කිහිපයක් කිසියම් සාර්ථක මට්ටමකට කරගෙන යා හැකි සතියකි. වැඩකටයුතු ඉෂ්ටසිද්ධ වේ. දියුණුවට අදාළ මාර්ග කිහිපයක්ම සුළු සුළු බාධා මධ්‍යයේ වුව ද ඉටුකර ගත හැක. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. අන්‍යයන්ගේ සහයෝගය, ආධාරය හා උපකාරය ලබයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී සාර්ථක ප්‍රතිඵල ලැබේ. ආදායම් මාර්ග යහපත් වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසිදායක ප්‍රතිඵලයක් උදා කරගත හැක. ඉඩම්, දේපළ, වාහන සම්බන්ධ කටයුතුවල දී වාසි සහගතයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකයි. වාණිජ ක්ෂේත්‍ර, තොරතුරු තාක්ෂණය, පරිගණක අංශ, සන්නිවේදන ක්ෂේත්‍ර, ගණකාධිකරණ යන විෂයයන් හදාරන අයට ද, ගණිත මිණිත හා ඉංජිනේරු ක්ෂේත්‍රවල යෙදී සිටින අයට ශුභදායක වේ. යුගදිවිය ගත කරන අයට සමගිය සාමය සුරක්ෂිත කරගෙන එක්තරා මට්ටමකට සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. අදහස් මල්පල ගැන්වේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබාගත හැක. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. සෙම් කෝප පීඩා, පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝග, හුස්ම ගැනීමේ අපහසුතාවලට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරී විය යුතුයි.
ශුභ වර්ණය- රතු, ශුභ අංකය- 09, ශුභ දිනය- සඳුදා
වෘෂභ
බාධා මැද දියුණුව
ලග්නාධිපති සිකුරු රාහු සමග තුන්වැන්නේ සිටියදී සතිය ආරම්භ වේ. සෙනසුරු අටේ ද, කුජ, කේතු භාග්‍යස්ථානගතව ද ගමන් කරයි. යහපත් දේ කෙරෙහි අවධානය යොමු කරයි. යම් යම් බාධා අවහිරතාවන්ට ඉඩ පවතී. කෙසේ වුවත් සිත් සතුටට අවශ්‍ය කටයුතු කිහිපයක්ම වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වන නිසා තරමක් බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රියා කළ යුතුයි. එමගින් සාර්ථක ප්‍රතිඵල සමග කිසියම් දියුණුවක් ද ලැබිය හැක. මිල මුදල් ලැබිම අතින් අයහපත් නැත. ආදායම් මාර්ග කිහිපයක්ම යෙදේ. අනපේක්ෂිත මුදල් ලැබිම්වලට ඉඩ පවතී. ගුරු වක්‍රව හයේ ගෝචරය වීම තුළ ලාභ ප්‍රයෝජනවලට ශුභයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට වඩාත් යහපත් ප්‍රතිඵල ලැබිය හැක. ගණකාධිකරණ ක්ෂේත්‍ර, පරිගණක අංශවලට යහපත්ය. ගණිත මිණිත ආශ්‍රිත කටයුතුවල යෙදී සිටින අයට වඩාත් ශුභදායක වේ. යුගදිවිය සහ විවාහය සම්බන්ධ කටයුතුවල දී තරමක් බුද්ධිමත් විය යුතුයි. විටින් විට බාධා අවහිරතා ඉස්මතු කළ හැකි බැවිනි. සහෝදර සහෝදරයන් සමග කටයුතු කිරීමේදී කරදරකාරී වාතාවරණ මතු කළ හැකි බැවින් ප්‍රවේශම් වන්න. විටෙක නොතේරුම්කමින් කරන වැඩකටයුතු හා ගනුදෙනු ආදියෙන් පාඩු සහ කරදර ඇති වේ. ඒ තුළ වියදම් ද වැඩි වේ. තමාගේ සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. උෂ්ණාධික රෝග, බෝවන රෝග හා ලේ දුෂ්‍යාබාධ මතු කළ හැක. අනතුරු පීඩා, වැටීම්, තැළීම් යනාදියට ඉඩ පවතී.
ශුභ වර්ණය- නිල්, ශුභ අංකය- 06, ශුභ දිනය- සිකුරාදා
මිථුන
උත්සාහයෙන් සාර්ථක වේ
ලග්නාධිපති බුධ ලග්නයේම ස්වක්ෂේත්‍රව භද්‍ර යෝගය ද උදා කරමින් රවි සමග සිටී. ගුරු වක්‍රව පහේ ද, ශනි දිග්බලයෙන් හතේ ද, කුජ උච්චව අටේ ද සිටී. මෙම පිහිටීම තුළ නොයෙකුත් දේ සම්බන්ධයෙන් අදහස්, සිතුවිලි පහළ වේ. මේ අදහස් වැඩිපුර ඇති වන්නේ ලියකියවිලි කටයුතු, අධ්‍යාපන කටයුතු, සන්නිවේදන ක්ෂේත්‍ර වැනි කටයුතු උදෙසායි. එසේ වුවත් තමාගේ කරගෙන යන කටයුතුවලට බාධා අවහිරතා ද ඉස්මතු වේ. ප්‍රමාදවීම්වලට ඉඩ පවතී. එක දිගට යමක් කරගෙන යාමට ඉඩ නොලැබේ. බාධා අවහිරතා මධ්‍යයේ වුවද වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දියුණුවක් ද උදා කරගත හැක. ආර්ථික වශයෙන් ලැබිම් යහපත් වුව ද වියදම් පක්ෂය පාලනය කරගැනීම අසීරු වේ. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. යමක් ඉක්මනට වටහාගෙන කටයුතු කිරීමේ අවස්ථා උදා කර ගනී. ස්වකීය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගනී. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යාමේ දී විටෙක සමගිය, සාමයට බාධා අවහිරතා එල්ල විය හැක. වචන පාවිච්චියේ දී ප්‍රවේශම් විය යුතුයි. දරුවන්ගේ කටයුතුවල දී සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගනු ඇත. ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් සන්තෝස වීමේ අවකාශය ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ බලපායි. ඇස්වල දුර්වලතා මතු කළ හැක. අනතුරු පීඩා, තුවාල, වැටීම්, තැලීම් යනාදියට ඉඩ පවතී.
ශුභ වර්ණය- කොළ, ශුභ අංකය- 05, ශුභ දිනය- බදාදා
කටක
මිශ්‍රඵලදායකයි
රාහු, සිකරු ලග්නයේය. කුජ, කේතු හත්වැන්නේය. මෙම පිහිටීම තුළ ශරීර සැපයට, සෞඛ්‍යයට අවශ්‍ය ප්‍රතිකර්ම සිදුකර ගත හැක. දුර බැහැර ගමන් යාමට අවස්ථාව සැලසේ. ගෙදරදොර, වත්තපිටියේ කටයුතු සාර්ථක වේ. අලංකාරයට කැමැති වේ. ඒ සඳහා උනන්දු වෙයි. විනෝදාස්වාදයන්ට හිත යොමු වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී අන්‍යයන්ගේ සහාය ලබාගත හැක. ඒ මගින් කිසියම් ආකාරයකට කටයුතු සාර්ථක වේ. ලෙහෙසියෙන් ද පහසුවෙන් ද තම කටයුතු ඉටුකර ගනී. මිල මුදල් ලැබිම අතින් යහපත් වේ. විවිධ අංශයන්ට යොමුවීමෙන් ආර්ථික වාසි උදා කර ගනී. ලාභ ප්‍රයෝජන ලැබෙන මාර්ග කිහිපයක් නිර්මාණය කර ගනී. සුළු සුළු ගමන්යෑමෙන් ප්‍රීතියක්, ලාභයක් යන දෙකම ලැබේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ද ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ ඉගෙනීම් කටයුතුවල සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සමගියට සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. නොයෙක් ක්‍රමවලින් ප්‍රියයන් හා සමාගම් ඇති වේ. මිහිරි ආහාරපාන ලැබෙන සතියකි. ප්‍රිය සම්භාෂණවලට සහභාගි වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් අවධානයෙන් සිටිය යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා එල්ල විය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් කල්පනාකාරී විය යුතුයි. පපුව, පෙණහැල්ල ආශ්‍රිත පීඩා, උෂ්ණාධික, උදරාශ්‍රිත රෝග බලපානු ඇත. ගමන්බිමන්වල දී පරිස්සම් වන්න. අනතුරු පීඩාදියට ඉඩ පවතින බැවිනි.
ශුභ වර්ණය- ක්‍රීම්, ශුභ අංකය- 02, ශුභ දිනය- සඳුදා
සිංහ
සිත් සතුටට කරුණු යෙදේ
ලග්නාධිපති රවි අයස්ථානයේ බුධ සමග සිටියදී සතිය ආරම්භ වේ. යෝගකාරක අඟහරු ලග්නය දකී. මෙම පිහිටීම් තුළ සැලකීමේදී අලුත් හිතමිත්‍රයන් ආශ්‍රයට ලැබේ. උසස් අය සමග මිත්‍ර වීමට අවස්ථාව සැලසේ. තාක්ෂණික, කාර්මික අංශවලට අදාළ වැඩකටයුතුවල යෙදෙන අයට තරමක් බාධා මධ්‍යයේ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. එහෙත් විටෙක තමා යටතේ සේවය කරන අයගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. මිල මුදල් ලැබිම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා කරයි. ඉඩම්, දේපළ පිළිබඳ කටයුතු ද සාර්ථක වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි යෙදී සිටන අයට නම් වෙනදාට වඩා මහන්සි වීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. තාක්ෂණික, කාර්මික, ඉංජිනේරු ක්ෂේත්‍රවල යෙදී සිටින අයට සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. උත්සාහයෙන් ඉගෙනීම සාර්ථක කරගත හැකි කාලයකි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සමගිය සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු කිහිපයක් මිල දී ගනී. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් විමසිලිමත් විය යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් කල්පනාකාරී විය යුතුයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ බලපෑ හැකි බැවිනි.
ශුභ වර්ණය- රෝස, ශුභ අංකය- 01, ශුභ දිනය- ඉරිදා
කන්‍යා
අදහස් ඉටු වේ
ලග්නාධිපති බුධ ස්වක්ෂේත්‍රව කේන්ද්‍රගතව දිග්බල රවි සමග භද්‍ර යෝගය උදා කරමින් කර්මස්ථානගතව සිටී. බ්‍රහස්පති වක්‍රව දෙවැනනේය. මෙම පිහිටීම් තුළ බලාපොරොත්තු අදහස් කිහිපයක් ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඉඩ ලැබෙන සතියකි. රසවත් කෑම බිම අන්‍ය්‍යන්ගෙන් සංග්‍රහ ලැබෙන කාලයකි. ප්‍රීති උත්සව, ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමට ඉඩ සැලසේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී අන්‍යයන්ගේ සහයෝගය, ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු ඉතාමත්ම ලෙහෙසියෙන් ද පහසුවෙන් ද ඉටුකර ගත හැක. තම තත්ත්වය උසස් වේ. භාරගෙන කරන කටයුතුවල සාර්ථක ප්‍රතිඵලයක් ද උදා කරගත හැක. මිල මුදල් ලැබිම අතින් ඉතා ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය වේ. සමගිය, සාමයට බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. නොඑසේ නම් අවහිරතාවන්ට මුහුණ පෑමට සිදු වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. එහෙත් බාධා සහිතයි. හැඟීම්වලට වහල් නොවී බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට ඉගෙනීමට පරිබාහිර දේවලට හිත ඇදී යන නිසා අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි අවධානයෙන් යුක්තව ක්‍රියා කළ යුතුයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝගාදියෙන් ආරක්ෂා විය යුතුයි. ආගමික අංශයට අවධානය යොමු කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.
ශුභ වර්ණය - කොළ, ශුභ අංකය - 05, ශුභ දිනය - බදාදා
තුලා
ශුභා’ශුභ මිශ්‍රයි
ලග්නාධිපති සිකුරු දහවැනනේ රාහු සමග ගෝචරය වෙමින් සිටී. රවි, බුධ භාග්‍යස්ථානයේය. කෙසේ වුවත් අලංකාරයට, ලස්සනට හැඳ පැලඳගෙන කටයුතු කිරීමට ඉඩ ලැබේ. සමාජයෙහි කටයුතු කිරීමේ දී තරමක් විමසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් දෝෂාරෝපණයන්ට ඉඩ මතු කරන හෙයිනි. රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන ප්‍රමාණයට නොලැබේ. විටෙක නොයෙකුත් අවහිරතා ඉස්මතු වේ. උසස්වීමට බාධා ඇති කරන කටයුතු සිදු වේ. පිරිසක් සමග කටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. මිල මුදල් ලැබිම අතින් ශුභදායක වනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආදායම් මාර්ග සාර්ථක කර ගනී. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ද ඉහළ යයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු ක්‍රමයෙන් යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් හිමිකර ගනී. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලූත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. විටෙක ඉගෙනීමට පරිබාහිර අංශවලට යොමුවීමට ඉඩ පවතින නිසා කල්පනාකාරී විය යුතුයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝග, හන්දිපත් වේදනා, කැක්කුම් යනාදියට ඉඩ පවතින බැවිනි.
ශුභ වර්ණය- නිල්, ශුභ අංකය- 06, ශුභ දිනය- බදාදා
වෘශ්චික
බාධා සහිතයි
ලග්නාධිපති කුජ තුන්වැන්නේ උච්චව කේතු සමග සිටිය දී සතිය ආරම්භ වේ. යහපත් කටයුතු උදෙසා ක්‍රියා කරනු ඇත. යම් යම් අහිතකර තත්ත්වයන් ඉස්මතු වුව ද සිත් සතුටට ද කරුණු යෙදේ. ඥාතීන්, අසල්වැසියන් සමග කටයුතු කිරීමට යාමේ දී තරමක් කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා අවහිරතා ඉස්මතු කළ හැක. තමා යටතේ සේවය කරන අය සමඟ කටයුතු කිරීමේදී තරමක් කල්පනාකාරී වන්න. කෙසේ වුවත් උත්සාහය තුළ කිසියම් සාර්ථක බවක් ලබනු ඇත. මිල මුදල් ලැබිම අතින් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා වේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යනු ඇත. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී තරමක් ප්‍රවේශම් විය යුතුයි. ගෙදරදොර කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. විටින් විට සමගියට සාමයට බාධා අවහිරතා එල්ල විය හැකි බැවිනි. කෙසේ වුවත් අන්‍යයන්ගෙන් ගෞරවය, සැලකිල්ල ද ලබයි. දරුවන්ගේ කටයුතු ගැන අවධානයෙන් පසුවිය යුතුයි. අධ්‍යාපන අංශවල නියුක්ත අයට ශුභදායක වේ. අලූත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. පරිගණක ක්ෂේත්‍ර, සන්නිවේදන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න. විටෙක සංකීර්ණ රෝගාදියට ඉඩ මතු කළ හැකි බැවිනි. ශල්‍යකර්මාදියට ඉඩ පවතී. ආගමික අංශයන්ට නැඹුරුවීම තුළ සහනයක් ද, සැනසීමක් ද ලැබෙනු ඇත.
ශුභ වර්ණය- රතු, ශුභ අංකය- 09, ශුභ දිනය- බ්‍රහස්පතින්දා
ධනු
බලාපොරොත්තු ඉටු වේ
ලග්නාධිපති ගුරු අයස්ථානයේ වක්‍රව සිටියදී සතිය ආරම්භ වේ. යම් යම් බාධා අවහිරතා ඇතත් තමාගේ බලය වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසේ. කලක සිට පැවැති බලාපොරොත්තු කිහිපයක් වර්ධනය කෙරේ. ඉෂ්ට සිද්ධ කර ගනී. නිලතල බලාපොරොත්තුවෙන් සිටින අය බාධා ප්‍රමාදතා මධ්‍යයේ වුවද දියුණුවක් උදා කර ගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී ස්වකීය උත්සාහය හා කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි නියුක්ත අයට වාසි ගෙන දේ. මිල මුල් ලැබිම අතින් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. එහෙත් මිල මුදල් ඉතිරකර ගැනීම තරමක් අසීරු වේ. වියදම් පක්ෂය ඉහළ යා හැකි බැවින් මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේශම් විය යුතුයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමගිය සාමයට තදබල ලෙස බාධා එල්ල නොවුව ද ක්ෂණිකව කෝපයට පත්වීම, ආවේගශීලී වීම් යනාදියට ඉඩ පවතින නිසා විමසිලිමත්ව ද, බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා සැලකිලමත් වන්න. අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි නියුක්තව සිටින අයට විටින් විට ඉගෙනීමේ කටයුතුවලට පරිබාහිර දේවලට හිත ඇදී යන බැවින් කල්පනාකාරී වන්න. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් සැලකිලිමත් විය යුතුයි. අනතුරු පීඩා, තුවාල ලේ දූෂ්‍යාබාධ, උගුර, බෙල්ල ආශ්‍රිත පීඩාදියෙන් ද ප්‍රවේශම් වන්න.
ශුභ වර්ණය- රන්වන්, ශුභ අංකය- 03, ශුභ දිනය- බ්‍රහස්පතින්දා
මකර
ක්‍රියාශීලී වේ
ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ සිටිය දී සතිය ආරම්භ වේ. ගුප්ත ශාස්ත්‍රීය කටයුතුවලට හිත ඇදී යයි. ඒ තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගත හැක. විටෙක යම් යම් බාධා අවහිරතා ඉස්මතු වුව ද ස්වකීය උත්සාහය තුළ දියුණුව, අභිවෘද්ධිය ලබයි. මිල මුදල් ලැබිම අතින් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යෙිමුවීම තුළ ආර්ථික වාසි ලබයි. ආදායම් මාර්ග කිහිපයක් විවර වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායක ප්‍රතිඵල ලැබේ. ගෙදරදොර කටයුතුවල දී සමගිය සාමය සුරක්ෂිත වේ. එහෙත් කුජ කේතු ලග්නයේ ගෝචරය වීම තුළ තදබල ලෙස කේන්ති යයි. විටෙක ආවේගශීලී ගති ඇති වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රවල නියුක්ත අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. නමුත් බාධා එල්ල විය හැකි නිසා කල්පනාකාරී විය යුතුයි. තමාගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුයි. රුධිර පීඩනය, බඩවැල් ආශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යාබාධ, අනතුරු පීඩා, තුවාල යනාදියෙන් පරිස්ස්ම් විය යුතුයි.
ශුභ වර්ණය- නිල්, ශුභ අංකය- 06, ශුභ දිනය- සිකුරාදා
කුම්භ
ප්‍රමාදවීම් වේ
ලග්නාධිපති ශනි 12 වැන්නේ සිටියදී සතිය ආරම්භ වේ. බ්‍රහස්පති නව වැනනේ වක්‍ර වී ලග්නය දකී. මෙම පිහිටීම් තුළ තමාගේ කටයුතු සම්බන්ධයෙන් බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා ප්‍රමාදතා අවහිරතා ඉස්මතු කළ හැකි බැවින් තරමක් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකූල ව්‍යාකූලතා, දෝෂාරෝපණයන්ට ඉඩ මතු කළ හැකි බැවිනි. මිල මුදල් ලැබිම් අතින් එතරම්ම ශුභදායක නොවේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුල් ලැබිමේ මාර්ග කිහිපයක් විවරණය කළ හැක. කෙසේ වුවත් මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී විමසිලිමත් වන්න. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු මෙන්ම විවාහය සම්බන්ධයෙන් ද මිශ්‍රඵලයි. අන්‍යොන්‍ය අවබෝධයෙන් ද විමසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සමගිය සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට යම් යම් බාධා හා ප්‍රමාද ඇතත් ස්වකීය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගත හැක. ශරීර සෞඛ්‍යය ගැන බැලීමේදී මූත්‍රා දෝෂ, ඇස්වල දුර්වලතා, ලේ දූෂ්‍යාබාධවලට ඉඩ පවතී. අනතුරු පීඩාදියෙන් ප්‍රවේශම් වන්න.
ශුභ වර්ණය- නිල්, ශුභ අංකය- 08, ශුභ දිනය- සිකුරාදා
මීන
බාධා ඉස්මතු වේ
ලග්නාධිපති බ්‍රහස්පති වක්‍රව අටේ ගමන් කරමින් සිටිය දී සතිය ආරම්භ වේ. සෙනසුරු දහයේය. මෙම පිහිටීම් නිසා තම කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ඉස්මතු කළ හැක. දෝෂාරෝපණයන්ට ලක් වේ. රැවටීම්, වංචාවලට ඉඩ පවතී. ඉතාමත් බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ප්‍රමාදයන්ට ඉඩ පවතී. ඉතාමත් බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රියා කළ යුතුයි. තමා යටතේ සේවය කරන අයගෙන් සහයෝගය ක්‍රමානුකූලව නොලැබි යයි. මිල මුදල් ලැබිම අතින් යහපත් බවක් පෙන්නුව ද වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරු වේ. විටෙක ආදායම් මාර්ගවලට අවහිරතා මතු කළ හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට තරමක් වාසි සහිතයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සමගියට සාමයට එතරම් අවහරතා බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යෙිමු කළ යුතුයි. නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් උදා කළ හැකි බැවිනි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට ඉගෙනීම් කටයුතුවලට පරිබාහිර දේවලට හිත ඇදී යයි. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ද ප්‍රවේශම් විය යුතුයි. සෙම් පීඩා, පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝගාදියට ඉඩ පවතී. ආගමික අංශයට නැඹුරු වන්න. සහනය, සැනසීම ලබනු ඇත.
ශුභ වර්ණය- රන්වන්, ශුභ අංකය- 03, ශුභ දිනය- බ්‍රහස්පතින්දා
ජ්‍යොතිර් විද්‍යා විභූෂණ,
රාජ්‍ය සම්මානලාභී ආචාර්ය
ජී.ඇම්. ගු ණපාල