‍මේ සතිය ඔබට කොහොමද? | Page 2 | සිළුමිණ

‍මේ සතිය ඔබට කොහොමද?

මේෂ දේපළ ලාභ

ලග්නා­ධි­පති කුජ දිග්බ­ලව උච්ච රාශි­ග­තව කේතු සමග සිටී. බර වැඩ කට­යු­තු­ව­ලට බැස ක්‍රියා කිරී­මට සිදු වේ. දේපළ සම්බන්ධ ආදා­ය­මක් ලබා ගනී. අප­වාද චෝද­නා­ව­ලට ලක්විය හැකි බැවින් ඉතා­මත් බුද්ධි­මත්ව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී හා ගෙද­ර­දොර කට­යු­තු­වල දී තර­මක් කල්ප­නා­කාරී විය යුතුයි. දරු­වන්ගේ කට­යු­තු­වල දී සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබනු ඇත. අධ්‍යා­පන කට­යු­තු­ව­ලදී උත්සා­හ­යෙන් සාර්ථක ප්‍රති­ඵල ලබා ගනී. ප්‍රේම සම්බ­න්ධතා වර්ධ­නය වනු ඇත.

ජය වර්ණය- රෝස, ජය අංකය- 09, ශුභ දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 


වෘෂභ බාධා සහි­තයි

ලග්නා­ධි­පති සිකුරු තුන්වැන්නේ රාශු සම­ගයි. තම කට­යුතු කර­ගෙන යාමේ දී උන­න්දුව තර­මක් අඩුවී යයි. සිතෙහි සැන­සීම අඩුවේ. කෙටි ගමන් බිමන් අධි­කයි. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී තර­මක් කල්ප­නා­කාරී විය යුතුයි. මිල මුදල් ලැබිම අතින් ද එත­රම් ශුභ­දා­යක නොවේ. ලද දෙයින් සතුටු විය යුතුයි. ගෙද­ර­දොර කට­යු­තු­වල දී සැල­කි­ලි­මත් වන්න. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට ශුභයි. උත්සා­හ­යෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැක. උද­රා­ශ්‍රිත රෝගා­දි­යෙන් පරිස්සම් වන්න. ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකු­රාදා


 

මිථුන ශුභා’ශුභ මිශ්‍රයි

ලග්නා­ධි­පති බුධ දෙවැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. ගම­න්බි­ම­න්ව­ලින් පල ප්‍රයෝ­ජන ලබයි. උසස් අය හෝ තමාට මතු­වට ප්‍රයෝ­ජ­න­වත් වන අය හඳුනා ගැනී­මට ඉඩ ලැබේ. හිත­ව­ත­කුගේ වෙන්වී­මක් පෙන්වන සති­යකි. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­ව­ලදී යම් බාධා ඇති විය හැකි නිසා බුද්ධි­මත්ව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබිම අතින් යහ­පත් සති­යක් වේ. එහෙත් විය­දම් ඉහ­ළය. යුග­දි­වියේ සම­ගියට බාධා මතු විය හැකි බැවින් කල්ප­නා­කාරී වන්න. දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. ප්‍රේම සම්බ­න්ධතා වර්ධ­නය වේ. ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් විය යුතුයි. ජය වර්ණය- කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා

 


කටක බාධා මැද දියු­ණුව

සිකුරු රාශු ලග්නයේ ද කුජ කේතු හතේ ද ගුරු හත­රේද සිටිය දී සතිය ආරම්භ වේ. ගෙද­ර­දොර අය අතරේ වෙන­ස්කම් ඇති වේ. වෘත්තීය කට­යු­තු­ව­ලදී ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. සිතට සැන­සීම තර­මක් අඩුයි. මුදල් ඉති­රි­කර ගැනී­මට අප­හසු වේ. ගෙද­ර­දොර කට­යු­තු­වල දී වඩාත් සැල­කි­ලි­මත් වන්න. දරු­වන්ගේ ශරීර සෞඛ්‍යය ගැන සැල­කි­ලි­මත් වන්න. ස්වකීය උත්සා­හය සහ කැප­වීම තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැක. උෂ්ණා­ධික රෝග, උද­රා­ශ්‍රිත පීඩා­දි­යෙන් පරිස්සම්් විය යුතුයි. වැටීම්, තැළීම් තුවාල පීඩා­ව­ලට ඉඩ පවතී. ජය වර්ණය- ක්‍රීම්, ජය අංකය- 02, ශුභ දිනය- සඳුදා

 


සිංහ දියු­ණු­වක් ලබයි

ලග්නා­ධි­පති රවි අය­ස්ථා­න­යේය. බුධ සම­ගයි. සියලූ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක්, සාර්ථ­ක­ත්ව­යක් උදා කරනු ඇත. අලුත් හිත­මි­තු­රන් හඳුනා ගැනී­මට ඉඩ සලසා ගනී. උගත් දෙයින් ප්‍රයෝ­ජන ලබා ගැනී­මට ඉඩ සැලසේ. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­ව­ලින් සාර්ථක ප්‍රති­ඵල ලැබේ. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් යහ­පත්ය. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට යහ­පත් වේ. සම­ගිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි සැල­කි­ලි­මත් වන්න. ඉගෙ­නී­මේදී උත්සා­හ­යෙන් හා කැප­වී­මෙන් කට­යුතු කළ යුතුයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න. ජය වර්ණය- රෝස, ජය අංකය- 01, ශුභ දිනය- ඉරිදා

 


කන්‍යා කට­යුතු සාර්ථක වේ

ලග්නා­ධි­පති බුධ දස­වැන්නේ ස්වක්ෂේ­ත්‍රයි. බුධ භද්‍ර යෝග­යෙන් රවි සමග සිටී. සෙන­සුරු හත­ර­වැන්නේ සිටි­මින් ලග්නය දකී. බුධ ලග්නය දකී. මෙම පිහි­ටීම් තුළ තමා බලා­පො­රො­ත්තු­වෙන් සිටි කට­යුතු කාරණා කිහි­ප­යක්ම සාර්ථක කර­ගත හැක. විවිධ අංශ­යන්ට යොමු­වී­මෙන් ආර්ථික වාසි ලැබේ. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභය. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන කට­යුතු යහ­පත් වේ. ලේ දූෂ්‍යා­බාධ, උෂ්ණා­ධික රෝග ඇති­විය හැකි බැවින් පරිස්සම් වන්න. ජය වර්ණය- කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා


තුලා කට­යු­තු­ව­ලට බාධා

ලග්නා­ධි­පති සිකුරු දහයේ සිටිය දී සතිය ආරම්භ වේ. කර­ගෙන යන කට­යු­තු­වල කිසි­යම් වූ වෙන­ස්කම් ද අත­ප­සු­වී­ම්ව­ලට ද ඉඩ පවතී. වචන පාවි­ච්චියේ දී බුද්ධි­මත් විය යුතුයි. වෘත්තීය අංශයේ දී තම තත්ත්වය තබා­ගැ­නී­මට ඉඩ නොලැබේ. එම නිසා ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් අය­හ­පත් නොවේ. විය­ද­මට සරි­ලන ආදා­යම් ලබා ගනී. ගෙද­ර­දොර කට­යුතු යහ­පත් වේ. සම­ගිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් උදා කරයි. ප්‍රේම සම්බ­න්ධතා ඇති කරයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැල­කි­ලි­මත් වන්න.

ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- බදාදා

 


වෘශ්චික මිශ්‍ර­ඵල

ලග්නා­ධි­පති තුන්වැන්නේ උච්චව සිටිය දී සතිය ආරම්භ වේ. ඇඳුම් පැල­ඳුම්, වස්ත්‍රා­භ­රණ ලබන සති­යකි. ආග­මික අංශ­යට නැඹු­රු­වි­මෙන් සහ­න­යක් ද සැන­සී­මක් ද උදා කර­ගනු ඇත. ස්ථාන­ගත වෙන­ස්කම් මෙන්ම කර­ගෙන යන වැඩ­ක­ට­යු­තු­වල වෙන­ස්කම් ද ඇති කරයි. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී බුද්ධි­මත්ව ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ද ශුභයි. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල උදා කර ගනී. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. ඉව­සී­මෙන් ක්‍රියා කළ යුතුයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න. ජය­ව­ර්ණය- රෝස, ජය අංකය- 09, ශුභ දිනය- සඳුදා

 


ධනු විය­දම් අධි­කයි

ලග්නා­ධි­පති ගුරු අය­ස්ථා­නයේ සිටිය දී සතිය ආරම්භ වේ. යම් යම් බාධා ඇතත් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැක. අන්‍ය­යන්ගේ ආධාර උප­කාර ලැබේ. ආර්ථික වශ­යෙන් ශුභ­දා­යක වුවත් විය­දම් පක්ෂය පාල­නය කර ගැනීම අසීරු වේ. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභ­දා­ය­කයි. වාසි ගෙන දේ. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. එහෙත් කතාවේ දී පරිස්සම් විය යුතුයි. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් යුක්තව සිටිය යුතුයි. ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න. ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 


මකර ආර්ථික ලාභ

ලග්නා­ධි­පති සෙන­සුරු 12 ද උච්ච කුජ ලග්නයේ ද සිටිය දී සතිය ආරම්භ වේ. අමුතු මිත්‍ර­යන් හඳුනා ගැනී­මට අව­ස්ථාව සැලසේ. සමා­ජ­යෙහි යහ­පත් තත්ත්ව­යක් ලැබේ. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු යහ­පත් වේ. සුළු සුළු බාධා අව­හි­රතා ඉස්මතු වුව ද උත්සා­හය නිසා සාර්ථක ප්‍රති­ඵල ලැබේ. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් යහ­පත්ය. ඉව­සී­මෙන් සහ බුද්ධි­මත්ව ක්‍රියා කිරී­මෙන් සම­ගිය සාමය සුර­ක්ෂිත කර­ගත හැක. දරු­වන්ගේ කට­යු­තු­වල ප්‍රග­ති­යක් පෙන්වයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට අලුත් විෂ­ය­යන් ඉගෙ­නී­මට ඉඩ සැලසේ. ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, ජය අංකය- 08, ශුභ දිනය- සිකු­රාදා

 


කුම්භ මිශ්‍ර­ඵල

ලග්නා­ධි­පති ශනි වක්‍රව අය­ස්ථා­නයේ සිටිය දී සතිය ආරම්භ වේ. උත්සා­හ­යෙන් සාර්ථක ප්‍රති­ඵල උදා වේ. ආර්ථික වශ­යෙන් යහ­පත් වුවද අන­පේ­ක්ෂිත සිදු­වීම් උද්ගත වීම තුළ මුදල් විය­දම් පාල­නය කිරීම අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­ශම් වන්න. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ගිය සාම­යට බාධා අව­හි­රතා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් ක්‍රියා කරන්න. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට ස්වකීය උත්සා­හය සහ කැප­වීම තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැල­කි­ලි­මත් විය යුතුයි. ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සෙන­සු­රාදා

 


මීන බාධා ඉස්මතු වේ

බ්‍රහ­ස්පති වක්‍රව අට­වැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. කෙටි ගම­න්බි­මන් අධික වෙතත් ඉන් ලැබෙන පල ප්‍රයෝ­ජ­න­යක් නොමැති වනු ඇත. දියු­ණු­වී­මට ගන්නා වූ අධික උත්සා­හය වුව ද නිෂ්ඵල විය හැක. දේපළ හානි­ව­ලට ඉඩ පවතී. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී කල්ප­නා­කාරී විය යුතුයි. ප්‍රේම සම්බ­න්ධ­තා­ව­ලට වැඩි­හිටි විරෝ­ධය මතු වේ. ඉගෙ­නීමේ යෙදී සිටින අයට අලූත් විෂ­ය­යන් ඉගෙ­නී­මට අව­ස්ථාව සැලසේ. ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න. උෂ්ණා­ධික රෝග බල­පායි.

ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

ජ්‍යොතීර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී. ඇම්. ගුණපාල

Comments