අගෝස්තු 5 සිට 11තෙක් ඔබට කොහොමද? | Page 2 | සිළුමිණ

අගෝස්තු 5 සිට 11තෙක් ඔබට කොහොමද?

මේෂ

බාධා සහිතයි

ලග්නාධිපති කුජ වක්‍රව කේතු සමග තවදුරටත් කර්මස්ථානයේ සිටිමින් සතිය ආරම්භ වේ. ගුරු කේන්ද්‍රගතයි. සිත් වේදනා ස්ථාන පිළිබඳ ගැටලු වගේම විටෙක මිල මුදල් සම්බන්ධ ගැටලුවලට මුහුණ පෑමට සිදු වේ. ණයතුරුස්වීමේ ඉඩක් ද පවතී. ආගමික අංශයන්ට නැඹුරු වීමක් පෙන්වයි. ඉන් කිසියම් සහනයක් ලබනු ඇත. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.

ජය වර්ණය- රතු, ජය අංකය- 09, ශුභ දිනය- අඟහරුවාදා


 

කටක

බාධා මැද දියුණුව

ලග්නාධිපති චන්ද්‍රයා අටවැන්නේය. රාශි දෘෂ්ටියෙන් ලග්නය දකී. රවි, බුධ, රාශු ලග්නයේය. බ්‍රහස්පති කේන්ද්‍රගතයි. මෙම පිහිටීම් තුළ සිත් වේදනා, සිත් කලකිරීම් මැද තමාගේ කටයුතු කරගෙන යෑමට සිදු වේ. බාධා මැද කිසියම් මට්ටමක දියුණුවක් ද උදා කරනු ඇත. තම කටයුතු සම්බන්ධයෙන් කැපවීමෙන් ක්‍රියා කළ යුතුයි. ආදායම ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යනු ඇත. තුනටියේ පීඩා යනාදියෙන් ප්‍රව්ශම් වන්න.

ජය වර්ණය- ක්‍රීම්, ජය අංකය- 02, ශුභ දිනය- සඳුදා


තුලා

බාධා අවහිරතා

ලග්නාධිපති සිකුරු අයස්ථානගතව සිටී. රවි, බුධ, රාශු දහයේය. ගුරු ලග්නගතයි. මෙම පිහිටීම් තුළ තමාගේ කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ඉස්මතු කරනු ඇත. වටෙක ඉක්මනට කෝපයට ද පත් වේ. එසේම ඉක්මනට නිවෙ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. භූමිය හා තාක්ෂණික දේවලට යහපත්ය. තුනටිය, කොඳු නාරටිය, පපුව හා පෙණහැල්ල ආශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේශම් වන්න.

ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය්‍ර- බදාදා


මකර

යහපත් ප්‍රතිඵල

 

ලග්නාධිපති ශනි දෙළොස්වැන්නේ සිටියදී සතිය ආරම්භ වේ. යෝගකාරක සිකුරු අටේ වේ. මෙම පිහිටීම් තුළ විටින් විට තමාගේ කටයුතුවලට බාධා අවහිරතා ඉස්මතු නොවේ. උත්සාහයෙන් හා කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල උදා වනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සාර්ථක වේ. ප්‍රේම සබඳතාවලට විරෝධතා එල්ල විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය- නිල්, ශුභ අංකය- 06, ශුභ දිනය- සිකුරාදා


වෘෂභ

යහපත් සතියකි

ලග්නාධිපති සිකුරු දිග් බලයෙන් හතරේ සිටි. ගුරු හයේ ද, ශනි අටෙ ද, සඳු දහයේය. මෙම සතිය ඔබට මිශ්‍රපලදායක වේ. බාධා අවහිරතා මතු වුව ද උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැක. සන්නිවේදන ක්‍ෂේත්‍ර, පරිගණක ක්‍ෂේත්‍ර, තොරතුරු තාක්ෂණය ආශ්‍රිත කලාත්මක දේවල්වල යෙදී සිටින අයට ශුභය. ආදායම් මාර්ග උදා කරනු ඇත. අවබෝධයෙන් ක්‍රියා කළ යුතුය. දරුවන්ගේ කටයුතු යහපත්ය. අලුත් විෂයයන් ඉගෙනීමට අවකාශයක් ලැබේ.

ජය වර්ණය- නිල්, ජය අංකය-06, ශුභ දිනය- සිකුරාදා


සිංහ

හිතවතුන් හමුවීමට හොඳයි

ලග්නාධිපති රවි, බුධ, රාහු සමඟ ‍දොළහේය. සිකුරු ලග්නයේ ද චන්ද්‍රයා හතේ ද සිටීමෙන් මෙම සතිය එතරම්ම අයහපත් නොවේ. උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් උද කරනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටන අයට ශුභදායකයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභය. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. ප්‍රේම සම්බන්ධතා මතු කරයි. හැඟීම්වලට වහල් වී ක්‍රියා නොකරන්න. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් සහිත විය යුතුයි.

ජය වර්ණය- රතු, ජය අංකය- 01, ශුභ දිනය- ඉරිදා


වෘශ්චික

සාමයට බාධා

ලග්නාධිපති අඟහරු තුන්වැන්නේ කේතු සමග සිටියදී සතිය ආරම්භ වේ. සිකුරු දහයේ සිටින අතර චන්ද්‍රයා දිග්බලව හතරේ සිටී. තම කටයුතුවලට බාධා අවහිරතා හා ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වේ. බලාපොරොත්තු වන තරමට යහපත් ප්‍රතිඵල උදා නොකරයි. ප්‍රශංසා ගරුත්වය අතරම චෝදනා අපවාද ද නැඟේ. සාමයට එතරම් බාධා එල්ල නොවේ.

ජය වර්ණය- රතු, ජය අංකය- 09, ශුභ දිනය- බ්‍රහස්පතින්දා


කුම්භ

මිශ්‍රපලයි

ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ සිට ලග්නය දකී. චන්ද්‍රයා ලග්නයේය. සිකුරු හතේ සිටින අතර ගුරු භාග්‍යස්ථානයේ ය. ලග්නය ත්‍රිකෝණ දෘෂ්ටියෙන් දකී. මෙම පිහිටීම් තුළ යම් යම් බාධා ප්‍රමාදතා මධ්‍යයේ වුවද තමාගේ වැඩකටයුතු සිද්ධ කර ගනී. නොයෙකුත් කටයුතුවල යෙදීමෙන් ලාභ ප්‍රයෝජන අත්පත් වේ. දියුණුවට මාර්ගය සලසා ගනී. මංගල යෝජනා ඉදිරිපත් විය හැක. කැපවීම ද අවශ්‍ය වේ.

ජය වර්ණය- නිල්, ජය අංකය- 08, ශුභ දිනය- සිකුරාදා


මිථුන

නුවණින් ක්‍රියා කළ යුතුයි

ලග්නාධිපති බුධ දෙවැන්නේ රවි, රාහු සමග සිටිය දී සතිය ආරමභ වෙ. ශනි වක්‍රව ලග්නය දකී. මෙම ග්‍රහ පිහිටීම් තුළ සැලකීමේ දී කෘෂිකාර්මික ක්‍ෂේත්‍ර, තාක්ෂණික කාර්මික ක්‍ෂේත්‍ර තුළ සාර්ථක ප්‍රතිඵල ලබනු ඇත. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභඵල උදා කළත් රාහු, රවි දෙවැන්නේ සිටීම නිසා වියදම් අධිකවීම්, මුදල් නාස්තිවීම් යනාදියට ඉඩ පවතී. අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. ප්‍රේම සම්බන්ධතා ඇති කරයි.

ජය වර්ණය- ළා කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා


කන්‍යා

ශුභදායක වේ

ලග්නාධිපති බුධ රවි, රාශු සමග අයස්ථානයේය. රවි ලග්නය දකී. සිකුරු 12 ද, ගුරු දෙවැන්නේ ද සිටී. තම කටයුතුවලට අන්‍ය්‍ ආධාරය හා උපකාරය ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසිදායක තත්ත්වයක් උදා කරයි. මිල මුදල් ආදයම් වඩාත් සාර්ථක වේ. ආගමික අංශයේ කටයුතුවලට හා ඒ හා සම්බන්ධ කටයුතුවලට ඉඩ මතු කරයි. සමාජීය කටයුතුවලට යොමුවීමෙන් සාර්ථක ප්‍රතිඵල උදා කරනු ඇත.

ශුභ වර්ණය- නිල්, ශුභ අංකය- 06, ශුභ දිනය- සිකුරාදා


ධනු

ප්‍රවේශම් වන්න

ලග්නාධිපති ගුරු අයස්ථානයේ සිටියදී සතිය ආරම්භ වේ. ශනි ලග්නයේය. කුජ කේතු දෙවැන්නේ සිටී. වචන පාවිච්චියේ දී ඉතාමත්ම ප්‍රවේශම් වන්න. නොඑසේ නම් සමගිය සාමයට බාධා අවහිරතා එල්ල විය හැක.

ආදායම් ලැබුණ ද මුදල් නාස්ති කිරීම්වලට ඉඩ නැත්තේ ද නොවෙ. විදුලිය, ගෑස්, වතුර සම්බන්ධ රැකියා, තාක්ෂණික, කාර්මික අංශයන්ට අදළ වෘත්තීන් කරන අය ප්‍රවේශම් වන්න. ජය වර්ණය- රන්වන්,

ජය අංකය- 02, ශුභ දිනය- බ්‍රහස්පතින්දා


මීන

බාධා පවතී

ලග්නාධිපති ගුරු අටවැන්නේ සිටී. සෙනසුරු වක්‍රව කේන්ද්‍රගතයි. මෙම පිහිටීම් තුළ තමාගේ වැඩකටයුතු ඉලක්ක සපුරා ගැනීමට යාමේ දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැක. තමාගේ උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. වෘත්තීය සහ රැකිරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී හා උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී විය යුතුයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට සුළු සුළු බාධා අවහිරතා මතු කළ හැක. අනතුරු පීඩාවලට ඉඩ ඇත.

ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- බ්‍රහස්පතින්දා

Comments