මාර්තු:17 සිට මාර්තු:23 තෙක් ඔබට කොහොමද | Page 2 | සිළුමිණ

මාර්තු:17 සිට මාර්තු:23 තෙක් ඔබට කොහොමද

මේෂ

බාධා සහිතයි

ලග්නාධිපති කුජ ලග්නයේ බලවත්ව ද, ගුරු අටේ ද, ශනි කේතු නවයේ ද රාහු 3 ද ගෝචරය වේ. ස්ථානගත වෙනස්කම් හෝ වෘත්තීය වෙනස්කම් යනාදියට ඉඩ පවතී. සතුරු කරදර බාධා ඉස්මතු කළත් ඒවා මැඬපවත්වාගෙන කටයුතු කළ හැක. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී බාධා ඉස්මතු වනු ඇත. මිල මුදල් ලැබීම අතින් යහපත් වුව ද වියදම ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී පරෙස්සම් වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත් වේ. එහෙත් ඥාතීන්ගේ ප්‍රශ්න නිසා බාධා අවහිරතා ඉස්මතු කරයි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය යුතුයි. පර්යේෂණ කටයුතුවලට ශුභයි. ගමන්බිමන්වලදී පරෙස්සම් විය යුතුයි.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - සඳුදා


කටක

ප්‍රමාදතා

යෝගකාරක කුජ දිග්බලව රුචක යෝගයෙන් දහයේ ද, ගුරු 5 ද, රාහු 12, කේතු ශනි 6 ද ගමන් ගනී. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ඉතාමත් කල්පනාකාරී වන්න. වියදම් අධිකයි. දුර බැහැර ගමන් සිදු වේ. වෘත්තීය සහ රැකියා අංශවල දී උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී වඩාත් ප්‍රවේසම් විය යුතුයි. විටෙක බාධා අවහිරතා ඉස්මතු කළ හැකි බැවිනි. බලාාපොරොත්තු ඉටුවීම ප්‍රමාද වේ. අවාසි සහගත වේ. ගෙදරදොර කටයුතුවල දී කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට බාධා සහිතයි. වැටීම්, තැලීම්, තුවාල, අනතුරු පීඩාදියට ඉඩ ඇත.

ජය වර්ණය- ක්‍රීම්, අංකය- 02, දිනය- සඳුදා


තුලා

මිශ්‍රපල

ලග්නාධිපති සිකුරු 4 ද, ගුරු 2, ශනි කේතු 3 ද රාහු 9 ද ගමන් ගනී. මෙම ග්‍රහ පිහිටීම් තුළ අන්‍යයන්ගේ සහයොග්ය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු යහපත් වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. ආදායම් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් ලබා ගනී. ආදායම් ලැබුණ ද වියදම් අධිකයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභයි. උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා


මකර

ශුභදායකයි

ලග්නාධිපති ශනි, කේතු 12 සිටී. රාහු 6, කුජ 4 ය . ගුරු 11 ගමන් කරයි. මෙම කාල සීමාව තුළ පවතින ග්‍රහ චලිතයන් ගැන සැලකීමේ දී වෘත්තීය සහ රැකියා කටයුතු යහපත් වේ. අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනි. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග විවර කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු ශුභදායකයි. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබා ගනී. ඉගෙනීම්වල යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා


වෘෂභ

වියදම් අධිකයි

ලග්නාධිපති සිකුරු නවයේ ද, ශනි, කේතු අටේ ද, ගුරු හත්වැන්නේ ද ගමන් ගනි. තමාගේ කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී අන්‍යයන්ගේ සහයෝය ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක නැත. රාහු දෙවැන්නේ පිහිටීම තුළ මිල මුදල් නාස්තිවීම, වියදම් අධිකවීම පෙන්වයි. ගෙදරදොර කටයුතු කෙරෙහි ද තරමක අවධානයෙන් සිටීම අවශ්‍යයි. විටෙක සමගියට සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. උත්සායෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. මූත්‍ර දෝෂ, නහර දුර්වලතා, ස්නායු දුර්වලතාදියෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා


සිංහ

ක්‍රමයෙන් යහපත්

ලග්නාධිපති රවි අටේ ද, ගුරු 4 ද, ශනි කේතු 5 ද රාහු 11 ද ගෝචරය වේ. මෙම ග්‍රහ පිහිටීම පෙර තිබුණ තත්ත්වයට වඩා ක්‍රමයෙන් ශුභදායකයි. දියුණූවක් ලබයි. වෘත්තීය සහ රැකීරක්ෂා අංශයේ දී අන්‍යයන්ගේ උපකාරය ලැබීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. අලුත් මිත්‍රයන් හඳුනා ගැනීමට ඉඩ සැලසේ. ඔවුන් සමඟ වැදගත් කටයුතු කිහිපයක් ද ඉටු වනු ඇත. ඉඩම් දේපළ ආදායම් ලබයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමයට එතරම්ම බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් අවධානය යොමු කිරීම අවශ්‍යයි. අධ්‍යාපන කටයුතුවල දී පසුබෑම්වලට ඉඩ පවතී. ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා


වෘශ්චික

ඉවසීම අවශ්‍යයි

ලග්නාධිපති කුජ හයේ ස්වක්ෂේත්‍රයි. හර්ෂ යෝගයයි. ශනි, කේතු 2 ද, ගුරු ලග්නයේ ද ගමන් ගනී. මෙම ග්‍රහ පිහිටීම් ගැන සැලකීමේ දී වෘත්තීය සහ රැකියා කටයුතුවල දී යම් යම් බාධා අවහිරතාවන්ට ඉඩ පවතී. එම නිසා ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. විටෙක තද ලෙස කේන්ති යයි. මිල මුදල් ලැබුණ ද වියදම් වැඩියි. ආදායම් මාර්ග අවහිර වනු ඇත. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීම තුළ පමණක් සමගිය සාමය සුරක්ෂිත කරගත හැක. ඉගෙනීම්වල යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක කරගත හැක. මූත්‍ර දෝෂ, ලේ දූෂ්‍යාබාධ බලපායි.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා


කුම්භ

බාධා මැද දියුණුව

ලග්නාධිපති ශනි, කේතු අයස්ථානයේය. ගුරු දහයේය. මෙම පිහිටීම තුළ තමාගේ කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු වුව ද සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගනී. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී සැලකිලිමත් වන්න. මිල මුදල් ලැබුණ ද වියදම් ද අධීකයි. එහෙත් මුදල් ආයෝජනයට ඉඩ ලැබේ. අලුත් කටයුතු ආරම්භයට යහපත්ය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත් වනු ඇත. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක වේ. ඉගෙනීමේ යෙදී සිටින අයට යහපත්ය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා


මිථුන

ගමන්බිමන් අධිකයි

ලග්නාධිපති බුධ භාග්‍යස්ථානයේය. රාහු ලග්නයේ ද ශනි කේතු 7 ද, ගුරු 6 ගමන් කරයි. මෙම ග්‍රහ පිහිටීම තුළ යම් යම් අවශ්‍ය කටයුතු උදෙසා කෙටි ගමන්බිමන් බහුල වන අතර ශරීර විඩාව වර්ධනය වේ. වෙහෙසකාරී ගති ඇති වේ. වෘත්තීය සහ රැකියා කටයුතුවල දී හා පොදු ජනයා සමඟ කරන කටයුතුවල දී සැලකිලිමත් විය යුතුයි. මිල මුදල් ලැබුණ ද වියදම් අධිකයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍යයි. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු වේ. පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝග, අජීර්ණාබාධ, සෙම් පීඩා, නහර දුර්වලතා යනාදියෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා


කන්‍යා

සංකීර්ණ රෝගවලට ඉඩ

ලග්නාධිපති බුධ හයේ ද, ශනි කේතු 4, රාහු 10 ද, ගුරු තුනේ ද ගෝචරය වේ. මෙම පිහිටීම තුළ යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැක. කාර්යාලීය වෙනස්කම් ඇති වේ. මිල මුදල් ලැබෙන නමුත් වියදම් ද ඉහළ යයි. තමා කරගෙන ආ කටයුතුවලට බාධා අවහිරතා ඇති කරයි. වැඩපිළිවෙළ වෙනස් වේ. ගෙදරදොර කටයුතුවලට අයහපත් නොවේ. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු ගැන තරමක් අවධානයෙන් සිටිය යුතුයි. ඉගෙනීම්වල දී අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සම් වන්න. විටෙක සංකීර්ණ රෝගාදියට ඉඩ පවති.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා


ධනු

මිල මුදල් ලැබේ

ලග්නාධිපති ගරු 12 සිටී. ශනි, කේතු ලග්නයේ ද රාහු 7, කුජ 5 ගමන් ගනී. තම කටයුතුවල දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැකි නිසා ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් ශුභදායකයි. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. විටෙක සමගියට සාමයට බාධා එල්ල වේ. දරුවන්ගේ කටයුතු යහපත් වුවත් අවධානයෙන් යුතුව ක්‍රියා කළ යුතුයි. ඉගෙනීම්වල යෙදී සිටින අයට පර්යේෂණ කටයුතුවලට ශුභයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ බලපායි.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා


මීන

අධ්‍යාපනයට ශුභයි

ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේය. ශනි කේතු 10 ද, රාහු 4 ද ගමන් ගනි. මෙම පිහිටීම් අතර කුජ දෙවැන්නේ ගෝචරය වේ. මෙම පිහිටීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් බවක් පෙන්නුවත් විටින් විට සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වේ. ආර්ථික වශයෙන් ශුභදායක බවක් උදා කළත් වියදම් පක්ෂය ද අධිකයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යාමේ දී විටින් විට සමගියට සාමයට බාධා අවහිරතා එල්ල විය හැක. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගෙග් කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. දියුණුවක් ලබයි.

 

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා

 

Comments