
මේෂ
ආගමට ළැදියි ලග්නාධිපති කුජ 5 ද, රවි, බුධ, සිකුරු 4 ද, රාශු 3 ද, ශනි, කේතු, සදු අටේ ද ගුරු අටේ ද සිටී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ ආර්ථිකය රැකියාව සම්බන්ධයෙන් ස්ථානගත වෙනස්කම් ඇති වේ.
කාර්යාලයීය වෙනස්කම් ඇති කරයි. මිල මුදල් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු කරගෙන යෑමේ දී කිසියම් වෙනස්කම් ඇති කරයි.
දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට පර්යේෂණ කටයුතුවලට හිත යොමු වේ. ආගමික අංශයට යොමු වී ක්‍රියා කරනු ඇත. උෂ්ණාධික රෝග, සෙම් පීඩා, වෛසර් රෝගවලින් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා
වෘෂභ
මිශ්‍රපලයි ලග්නාධිපති සිකුරු රවි, බුධ සමඟ තුන්වැන්නේය. කුජ 4 ද, ගුරු 7 ද, ශනි, කේතු, සඳු අටේ ද ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය තුළ ගමන් බිමන් අධිකයි. වෙහෙස මහන්සිය දැනේ. විටෙක නොයෙක් ක්‍රමවලින් සිත් තැවුල් ආදියට ලක් වේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල නොලැබේ. අන්‍යයන්ගේ ද ප්‍රධානීන්ගේ ද ආධාරය උපකාරය ලැබීම අසීරුයි.
ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. පවුලේ කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල දී සැලකිලිමත් වන්න. ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග, වකුගඩු රෝග ආදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
මිථුන
මහන්සියේ තරමට ප්‍රතිඵල නෑ ලග්නාධිපති බුධ, රවි, සිකුරු දෙවැන්නේ ද, රාශු ලග්නයේ, කේතු, ශනි, සඳු හතේ ද, ගුරු 6 ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය තුළ එතරම්ම ශුභදායක නොවේ.
වෘත්තීය සහ රැකියා අංශවල දී තරමක් ප්‍රවේසම් විය යුතුයි. මහන්සියේ තරමට ඔබට ප්‍රතිඵල නොලැබේ. මිල මුදල් ලැබුණ ද මුදල් ඉතිරි කගැනීම අපහසු විය හැකිය.
ගමන්බිමන් අධික වේ. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. උත්සාහය තුළ ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගත හැකිය. ශරීරාබාධවලට ඉඩ පවතී.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක
වියදම් අධිකයි ලග්නාධිපති සඳු, ශනි, කේතු 6 සිටී. රාශු 12 සිටී. රවි, බුධ, සිකුරු ලග්නයේ ද, ගුරු 5 ගමන් කරයි. එම පිහිටීම් තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී උත්සාහයෙන් සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.
මිල මුදල් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් ලැබීම අතින් උත්සාහය ද අවශ්‍යයි. ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි.
දරුවන්ගේ කටයුතු යහපත්ය. ඔවුන්ගේ ආධාර උපකාර ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල යෙ දී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. උදරගත පීඩා, උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ ආදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
පර්යේෂණ කටයුතුවලට හිත ලග්නාධිපති රවි, බුධ, සිකුරු 12 සිටී. රාශු අයස්ථානයේය. ගුරු 4 ද ශනි, කේතු, සඳු 5 ගෝචරය වේ. එම ග්‍රහ පිහිටීම් තුළ පර්යේෂණ කටයුතු වැනි දේවලට වැඩිපුර හිත යොමු වේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී එවැනි පර්යේෂණ කටයුතු මඟින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. කෙසේ වුවත් උසස් අයගේ ආධාරය උපකාරය ලැබීම තරමක් අසීරු වේ. මිල මුදල් ලැබීම අතින් යහපත් වුව ද වියදම් පක්ෂය ගැන ද සැලකිලිමත් වන්න.
ගෙදරදොර කටයුතු මෙන්ම දරුවන්ගේ කටයුතු ද යුගදිවිය සම්බන්ධයෙන් ද ඉවසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපන කටයුතුවල දී පර්යේෂණ කටයුතුවලට ශුභයි. උෂ්ණාධික රෝග, රුධිර පීඩනය, හෘදගත පීඩාදියෙන් ද ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
දරුවන්ගේ වැඩකටයුතු සාර්ථකයි ලග්නාධිපති බුධ, රවි, සිකුරු අයස්ථානයේය. රාශු 10, ශනි, සඳු, කේතු 4 ද ගුරු 3 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී කරන කියන කටයුතුවල ක්‍රමයෙන් දියුණුවක් ලබාගනී. අන්‍යයන්ගේ සහයෝගය, උපකාරය ලැබේ. මිල මුදල් ලැබීම අතින් ශුභදායකයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. පපුව, පෙණහැල්ල ආශ්‍රිත පීඩා ඇති කළ හැකිය.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- සඳුදා
තුලා
ගෙදර දොර වැඩකටයුතු කල්පනාවෙන් ලග්නාධිපති සිකුරු, රවි, බුධ කර්මස්ථානයේය. ශනි, සඳු, කේතු 3, රාශු 9 ද, ගුරු දෙවැන්නේ ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී භාරගෙන කරන කටයුතු සියලු කටයුතුවල දියුණුවක් ලබයි. ලාභ ප්‍රයෝජන ලබයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. කෙසේ වුවත් අන්‍යයන්ගේ සහයෝගය ලැබීමෙන් යහපත් වුවත් විටෙක ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල නොලැබේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබයි. ගෙදරදොර කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. අධ්‍යාපන ක්ෂේත්රවල යෙදී සිටින අයට සිය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. තුනටිය ආශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
රැකියාවේ ගැටලු ලග්නාධිපති ශනි, කුජ 10 ද, ගුරු ලග්නයේ ද, ශනි, සඳු, කේතු දෙවැන්නේ ද, රාශු අටේ ද රවි, බුධ, සිකුරු නවයේ ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැකි බැවින් විමසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා, ව්‍යාකූලතා ඉස්මතු කළ හැක. ආර්ථික වශයෙන් සැලකීමේ දී ආදායම් ලැබුණ ද වියදම් අධිකයි. විටෙක ආදායම් මාර්ගවල අවහිරතා ඇති වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභයි. උත්සාහය තුළ පල ලැබේ. සෙම් පීඩා, පීනස් ගති, උෂ්ණාධික රෝග මතු කළ හැකිය.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
ධනු
වෙළෙඳ ව්‍යාපාර සරු වෙයි ලග්නාධිපති ගුරු 12 ද, ශනි, කේතු, සඳු ලග්නයේ ද, රාශු හතේ ද ගමන් ගනී. රවි, සිකුරු, බුධ අටේ ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී බාධා අවහිරතා ඉස්මතු වනු ඇත. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ආර්ථික වශයෙන් ශුභදායකයි. විවිධ අංශයන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල උදා කරයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වුව ද දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන අංශවල දී උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් විය යුතුයි. ස්නායු, නහර දුර්වලතාවලට ඉඩ පවතී.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
මිල මුදල් ලැබීම අතින් යහපත් ලග්නාධිපති ශනි 12, කේතු, සඳු සමගයි. රාශු 6 ද, ගුරු 11 ද රවි, බුධ, සිකුරු හතේ ද ගෝචරය වේ. එම ග්‍රහ පිහිටීම් ගැන සැලකීමේ දී තරමක් කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී යම් යම් බාධා ප්‍රමාදතා ඇතත් උනන්දුව සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල උදා කරයි. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීමෙන් ආදායම් මාර්ග පාදාගනී. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන් ද සාමාන්‍ය වේ. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. සෙම් පීඩා, උදර රෝග මතු කළ හැකිය.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
කුම්භ
වැඩකටයුතු අධික වෙයි ලග්නාධිපති ශනි, කේතු, සඳු 11 ද, ගුරු 10 ද, රවි, බුධ, සිකුරු හතේ ද ගමන් ගනී. එම කාල සීමාව තුළ යම් යම් බාධා ප්‍රමාදතා ඉස්මතු වුව ද සිය උත්සාහයෙන් සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ක්‍රමික දියුණුවක් ලබයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී කිසියම් අන්දමක දියුණුවක් ලබයි. ආර්ථික වශයෙන් යහපත්ය. තමගේ වියදමට සරිලන ආදායම් ලැබේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යෑමේ දී වෙහෙස මහන්සිය දැනේ. වැඩකටයුතු අධිකයි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි ද පර්යේෂණ කටයුතුවලට ද හිත ඇදී යයි. ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝගා බලපායි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා
මීන
වියදමට සරිලන ආදායමක් ලග්නාධිපති ගුරු භාග්යස්ථනයේය. ශනි, සඳු, කේතු 10 ද, රාශු 4, රවි, සිකුරු, බුධ 5 ද ගෝචරය වේ. එම ග්‍රහ පිහිටීම් අනුව සැලකීමේ දී තමාගේ කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ඉස්මතු වේ. එම නිසා බුද්ධිමත්ව ද, කල්පනාකාරීව ද කටයුතු කරන්න. ආර්ථික වශයෙන් සාමාන්‍යයි. වියදමට සරිලන ආදායම් ලැබේ. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සැලකිලිමත් වන්න. සමඟිය සාමය ගැන විමසිලමත් විය යුතුයි. දරුවන්ගේ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. සමඟිය සාමය ගැන සැලකිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි කාලය, ධනය, ශ්‍රමය වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභයි. උත්සාහයෙන් සාර්ථක පල ලබයි. පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා