
“කර්තෘ ප්‍රකාශක කබලෙන් ළිපට” මැයෙන් සමන් චන්දන කුමාරසිංහ විසින් පසුගිය දෙසැම්බර් 19 ඉරිදා ‘සිළුමිණ ජන මඬල’ මඟින් කළ හෙළිදරව්ව ප්‍රශංසා කළ යුත්තකි.
2020 – 2021 වසරවලදී රාජ්‍ය, පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් සාහිත්‍ය උත්සව පවත්වා කලාකරුවන් හෝ ඔවුන්ගේ කෘතින් අගය කිරීමක් සිදු නොවූයේ කොරෝනා වසංගතය හේතුවෙනි. එහෙත් නිර්මාණකරුවන් කොරෝනා හේතුවෙන් නිවෙස්වලට වී අත් බැඳගෙන සිටියේ නැත. ඔවුහු නිර්මාණකරණයෙහි යෙදුණහ. අද එම නිර්මාණ එළිදැක්වීමට වාතාවරණය සකස් වෙමින් පවතී.
සමන් චන්දන කුමාරසිංහයන් සඳහන් කරන පරිදි කර්තෘ ප්‍රකාශකයන්ගේ නිර්මාණ රාජ්‍ය මට්ටමින් මිලදී ගැනීමට දැන් කාලය උදාවී ඇත. ඒ මහතා පෙන්වා දී ඇති පරිදි වසර දෙකක් තුළ වෙන් කළ ප්‍රතිපාදන මුදල් මඟින් කර්තෘ ප්‍රකාශන මිලදී ගැනීම කලෝචිතය.
එස්. සමරනායක
අම්බලන්ගොඩ