
ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයෙන් පොදු ජනතාවට සිදුවන සේවය අතිවිශාලය. එහෙත් දැනට වසරකට වැඩි කාලයකට පෙර පාරිභෝගිකයන්ට බිල් ගෙවීම සඳහා මාතර ටෙලිකොම් ආයතනයේ කවුළු 4ක් තිබිණි. මෑතකදී නව ගොඩනැඟිල්ලේ ටෙලිකොම් ආයතනය ආරම්භ කළ පසු පාරිභෝගිකයන්ට බිල් ගෙවීම සඳහා වෙන්කර ඇත්තේ එකම කවුළුවක් පමණි.
මේ නිසා ටෙලිකොම් පාරිභෝගිකයන්ට ටෙලිකොම් බිල් ගෙවීමේදී මහත් අපහසුතාවකට පත්ව සිටිති. වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් මේ දක්වා ඒ පිළිබඳව කිසිදු වගකිවයුතු බලධාරියකුගේ අවධානයට යොමු නොවීම කනගාටුදායකය.
මේ පිළිබඳව වගකිවයුතු බලධාරින්ගේ කඩිනම් අවධානය යොමුව නොපමාව ටෙලිකොම් බිල් ගෙවීම සඳහා තවත් කවුළු 3ක් ලබාදීමට කටයුතු කරන මෙන් මාතර ජනතාව වෙනුවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
වසන්ත ද සිල්වා
වැලිගම