
අධ්‍යාපනය සඳහාරාජ්‍ය ඇමතිවරු 4ක්පි රිවෙන් සඳහා ප්‍රථම වරට දෙපාර්තමේන්තුවක්
දිස්ත්‍රික්ක 14ක විහාර 52ක ඉඩම් ගැටලු නිරාකරණයට
සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය යටතේ රජයේ විසින් ඉටු කළ යුතු ප්‍රධානතම කාර්යයකි.
එසේ වුවත් කිසිදු රජයක් එක් ආගමක් හෝ දහමක් මුල් කර ගැනීමක් අපේක්ෂා කරන්නේ නැත. විශේෂයෙන්ම ආගම් රාශියක් පවත්නා රටක එවන් තත්ත්වයක් බලාපොරොත්තු විය නොහැකිය. බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේද පැවතිය යුත්තේ බුදු දහම පමණක්ම බව කිසිදු විටක බෞද්ධයන් ඉල්ලා සිටින්නේද නැත.
බුදු දහම සැම විටම ආගමික සහනශීලීත්වය අගයනු ලබන දහමකි. අනෙක් ආගම් අදහන අයට තම ආගම් ඇදහීමට අතීතයේ කිසිදු අවස්ථාවක බුදු දහමින් බාධා ඇතිව නොමැත. එසේම වර්තමානයේද එවන් ගැටලුවක් නොමැත්තා සේම අනාගතයේද එවන තත්ත්වයක් ඇති නොවේ.
එසේ නමුත් අපේ රටේ රාජ්‍ය නායකයා බෝධිසත්ත්වයකු විය යුතු බවට මිහිඳු මා හිමියන් පැමිණ රාජ්‍ය පාලනය ක්‍රමවත් කිරීමෙන් පසුව ඇති වූ පිළිගැනීමකි. පාලකයා රජු හෝ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ කවුරුන් වුවත් මෙරට පාලනයේ මුඳුුන් මල්කඩ ශ්‍රී දළඳා වහන්සේ විය යුතු බවට වූ ස්ථාවරත්වය නිසා ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් යන සංකල්පය අතීතයේ පටන් ස්ථාවරව පැවතුණි. ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව ප්‍රකාශ කරන්නට අන්‍ය ආගමික නායකයන් පවා නොපැකිළෙන්නේ එහෙයිනි.
එහෙත් පසුගිය කාලයේ ඇතැම් පිරිස් ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් යන සංකල්පය පිළිගැනීමට අකමැත්තක් දැක්වූ බවක් අපට දක්නට ලැබුණි. බුදු දහමට ප්‍රමුඛස්ථානයක් ලබා දීම කෙරෙහි අතීතයේ සිට තිබූ අවධානය, අනවධානයක් බවට පත් විය. ඒ හේතුව නිසා බෞද්ධ ජනතාව දැඩි අපහසුතාවකට මුහුණ දෙන්නට විය. එසේ වුවත් 2019 වසරේ අගභාගයෙන් පසුව එය යළිත් ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත් විය. ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රුවන්වැලි මහ සෑ මළුවට පැමිණ දුටුගැමුණු මහ රජුගේ පිළිරුව ඉදිරියේ රාජ්‍ය නායකයා ලෙස දිවුරුම් දීම නිසාය. සිංහල රාජ්‍ය සමයෙන් පසුව රාජ්‍ය නායකයෙක් විසින් එසේ දිවුරුම් දුන්නේ ප්‍රථම වතාවටය. එසේ දිවුරුම් දීමෙන් එතුමා විසින් සපථ කෙළේ මේ රට බෞද්ධ රාජ්‍යක් බවත් බුදු දහමට අනුව රාජ්‍ය පාලනය කරන බවත්ය.
එසේම අගමැති ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතාද කැලණිය පුදබිමේදී අගමැතිවරයා ලෙස දිවුරුම් දීමද එම සංකල්පය තවත් ඔප් නංවන්නක් බවට පත් විය. මේ ලෙසින් අපට නැවතත් බෞද්ධ බලවේගයක ශක්තිය ලැබුණි. බෞද්ධ රාජ්‍යයක දිවි ගෙවන්නා බවට වූ සංකල්පය දැනෙන්නට විය.
නැවත බෞද්ධාගමික ශක්තියක් ලැබුණායැයි අපට පවසන්නට සිදුව ඇත්තේ 2015 වසරේ සිට 2019 වසරේ අගභාගය දක්වා මේ රටේ බෞද්ධ ජනතාවගේ කොඳු නාරටිය කඩා බිඳ දමා තිබූ නිසාය. රාජ්‍ය ක්‍රියාකාරීත්වය තුළ මෙරට පුරාවිද්‍යා වටිනාකම් ඇති විහාරස්ථාන පවා අන්‍යාගම්කරණයට පත් විය. ශාසනික දේපළ පවා අන්‍යාගම්කරණයට පත් විය. බෞද්ධ උරුමයන් ජාතික උරුමයන් නොව ජනතාවගේ සිත් දවාලන ගින්දර බවට පත් විය.
ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක්කේ මුහුදු මහා විහාරයේ පිළිමයක වෙන් වූ සිරස විහාර බිමෙන් රැගෙන ගොස් එය ලිප් ගලක් ලෙස භාවිත කිරීමයි. ඔවුන් මුහුදු මහා විහාරය ආක්‍රමණය කෙළේ එලෙසිනි. ඒ ආක්‍රමණ සඳහා අවකාශ සලසා දී තිබීම නිසා මේ තත්ත්වය උදා විය.
බෞද්ධයන් කෙතරම් අපහසුතාවකට පත්වූවාද කිවහොත් අපවත් වී වදාළ භික්ෂූන් වහන්සේ නමකගේ ආදාහන කටයුතු විහාර භූමියේ සිදු කරගන්නට පවා නොහැකි විය. මුලතිව් ගුරුකන්ද විහාරයේදී අපවත්වූ නා හිමියන්ගේ ආදාහන කටයුතු විහාරභූමියේ සිදු කිරීමට එරෙහිව නැඟ ආ බලවේග හමුවේ මෙරට භික්ෂූන් වහන්සේ මෙන්ම ගිහි බෞද්ධ ජනතාව පත් වූ අපහසුතාව සුළුපටු නොවේ.
එපමණක්ද නොවේ මෙරට භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට ගැනීම් විහාරස්ථානවල කාලයක් තිස්සේ මනා පහසුකම් සහිතව සිටි අලි ඇතුන් සොයමින් ඒ වෙනුවෙන් අලුතින් නීති සකස් කරමින් කළ ක්‍රියාදාම නිසා රටේ ප්‍රධාන සංස්කෘතික අංගයක් වූ පෙරහර පවත්වා ගැනීමට හීලෑ අලි ඇතුන් නැති තත්ත්වයකට අප පත් විය. එමෙන්ම මිහිඳු මාහිමියන් විසින් මෙරටට හඳුන්වා දුන් බුදු දහමින් මෙරට පෝෂණය කරන්නට උර දුන් සංඝයා වහන්සේ අවතක්සේරු කරමින් ‘සංඝං සරණං ගච්ඡාමි‘ යන්න ඉවත් කිරීමට කටයුතු යොදන ලද අවස්ථා ගැනද අපට වාර්තා විය. සංඝයා වහන්සේ මෙරට නැති බවක් ගෙන හැර දක්වමින් ඒනිසා පන්සිල් සමාදන් වීමේදී එය අනවශ්‍ය බවක් එයින් නිර්මාණය කර තිබුණි. ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවන බවට සිදු කළ ප්‍රකාශයන් ඔස්සේ ඒ සියලු කටයුතු සිදුවුණු බවද මෙහිදී පෙන්වා දිය යුතුය. ප්‍රධාන අමාත්‍ය ධුරයක් වන මුදල් ඇමැති ධුරය හොබවූවකු විසින් ‘මෙරට බෞද්ධ රාජ්‍යයක් නොවන බව‘ පුන පුනා ප්‍රකාශ කිරීමෙන් බෞද්ධයාගේ හදවත රිඳුම් කෑවේ වරක් දෙවරක් නොවේ.
මෙවන් අකටයුතුකම් හමුවේ මෙරට ජනාධිපතිවරයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂයන් පත් වන්නේ බෞද්ධ නායකයකු ලෙසිනි. ඒ විවිධ ආගම් අදහන සියලු ජාතීන්ට එක ලෙසින් සලකන රාජ්‍ය නායකයකු ලෙසිනි. එතුමා රාජ්‍ය පාලනය බාර ගැනීමෙන් පසුව ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ගේ නියෝජනයන් හා මෙරට ජාතික මට්ටමේ භික්ෂූන් වහන්සේ 40 නමකගෙන් සමන්විත බෞද්ධ උපදේශක සභාවක් ස්ථාපනය කරන ලදී.
ඒ බෞද්ධ උපදේශක සභාව සෑම මසකම 3වන හෝ අවසන් සිකුරාදා රැස්කර, ශාසනික ආගමික කටයුතු පමණක් නොව රාජ්‍ය පාලනය සම්බන්ධව අවවාද අනුශාසනා ලබා ගැනීම ඉහළින්ම අගය කළ යුතුය.
එසේම මිහිඳු මාහිමියන්ගේ මෙරටට වැඩම කිරීම සිහි ගන්වන පොසොන් පුර පසොළොස්වක පොහෝ දිනය ජාතික උත්සවයක් බවට පත් කරන්නටත් එම අවස්ථාවේදී ත්‍රෛනිකායික හිමිවරුන් මිහින්තලාවට වැඩමවා මිහින්තලේ පුදබිම ලෝක උරුමයක් බවට පත් කරන්නට කටයුතු කිරීමත් මෙහිදී අගය කළ යුතුය.
එසේම පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා මිහිඳු මාහිමියන්ගේ පරිනිර්වාණය සිහි ගන්වමින් පරිනිර්වාණ පොහොය ලෙසින් වප් පුර අටවක පෝය දිනය වෙන් කිරීමත් මෙහිදී අගය කළ යුතුය. උත්ථිය රජු දවස ඒ බව ස්ථාපිත කර තිබුණි. එදිනට කිසිදු සත්ත්වයෙක් ඝාතනය කිරීම තහනම් කිරීම හෙවත් ‘මාඝාතය‘ පනවා තිබුණි. එය ජාතික උත්සවයක් ලෙසින් පැවැත්වීමට කටයුතු යෙදීම මහත් සේ අගය කළ යුතුමය.
මිහිඳු මා හිමියන් විසින් දේවානම්පියතිස්ස රජුට කළ ප්‍රකාශයම යළි සිහිගන්වමින් ‘මම මේ රටේ හිමිකරුවා නොව රට ආරක්ෂා කරන නායකයා පමණක්‘ බවද එතුමා විසින් එම අවස්ථාවේදී පෙන්නුම් කරන ලදී.
මෙරට ශාසනික සේවාවට වසරක් තුළ සිදු කරන ලද තවත් වැදගත්ම කටයුත්තක් වන්නේ පුරාණ විහාරස්ථාන සම්බන්ධව තිබූ ඉඩම් ගැටලු නිරාකරණය කිරීමයි. දිවයිනේ දිස්ත්‍රික්ක 14ක ඇති පුරාණ විහාර 52ක ඉඩම් ගැටලු කාලාන්තරයක් තිස්සේම නොවිසඳී තිබුණි. ඒ අතර අනුරාධපුරයේ පුරාණ විහාරස්ථාන 8ක් ගාල්ලේ විහාරස්ථාන 2ක් අම්පාරේ විහාරස්ථාන 4ක් නුවරඑළියේ විහාරස්ථාන 3ක් ත්‍රිකුණාමලයේ විහාරස්ථාන 3ක් කුරුණෑගල විහාරස්ථාන 5ක් කෑගල්ලේ විහාරස්ථාන 2ක් ආදී වශයෙන් තිබූ එම ගැටලු සියල්ලම ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියෙන් වසරක් යාමටත් පෙර විසඳා එම භූමි පූජා භූමි බවට පත් කරනු ලැබීම බෞද්ධයන් වශයෙන් කවුරුත් අගය කළ යුත්තේ ඒ කිසිවක් අඬ බෙර නොගසා කළ නිසාය.
එමපණක් නොව දැඩි අන්තවාදී තර්ජනවලට ලක්ව තිබුණු උතුරු හා නැඟෙනහිර පළාත්වල වෙහෙර විහාර රැසක්ම මේ වන විට සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත. විවිධ අන්තවාදී තර්ජනයන්ට ලක්ව තිබුණු එම ආගමික ස්ථාන මේ වන විට නිරවුල් කර දීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
ඒ අතර විශේෂයෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමුද්‍රගිරි පිච්චමල් රජමහා විහාරය, සෙංගිමලේ කිනිහිරියාකන්ද චේතියගිරි රජමහා විහාරය, මසන්වැව පින්බදු රජමහා විහාරය, බොරලුකන්ද රජමහා විහාරය, කන්දකාඩු රජමහා විහාරය, වෙල්ගම්වෙහෙර රජමහා විහාරය, සාම්පූර් රජමහා විහාරය, කොට්ටියාර් මූල මහා විහාරය, සේරුවිල මංගල රජමහා විහාරය, උතුරුගිරි පුරාණ රජමහා විහාරය, ලංකාපටුන රජමහා විහාරය, පාෂාණ පබ්බත රජමහා විහාරය, වැනි පෞරාණික බෞද්ධ විහාරස්ථාන රැසක්ම ආරක්ෂා කර ගැන්මට කටයුතු යොදා ඇත. ඊට අමතරව කාලාන්තරයක් තිස්සේ සමාජයේ දැඩි කතාබහට ලක්ව දැඩි තර්ජනයකට ලක්ව තිබූ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරගල රජමහා විහාරස්ථානයට දැඩි ආරක්ෂාවක් යෙදවීමටත් පියවර ගන්නා ලදී.
එසේම සාමණේර හිමිවරුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කර උන් වහන්සේ උදෙසා විශේෂ රක්ෂණයක්ද ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. එම රක්ෂණාවරණයට මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් ‘නාගරාක්ෂ‘ නාමයද ලබා දී තිබේ. එසේම පිරිවෙන් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම උදෙසා මෙරට ඇති පිරිවෙන් 820 සඳහාම පුරප්පාඩුව පවතින ආචාර්යවරුන් 400කට වැඩි පිරිසකට පත්වීම් ලබා දීමට කටයුතු කර ඇත. එමෙන්ම පිරිවෙන් සඳහා මේ දක්වා ශිෂ්‍ය සංඛ්‍යාව පදනම කරගෙන ලබා දුන් ප්‍රතිපාදන වෙනුවට ස්ථාවර අරමුදලක් ලබා දීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන ලදී. එමෙන්ම විෂයන් අනුව ගුරුවරුන් පත් කිරීමටද කටයුතු කරන ලදී.
රජය විසින් ඉදිරියේදී ලබා දෙන රැකියා ලක්ෂය යටතේ සියලුම පිරිවෙන් සඳහා අරක්කැමි, මුරකරු, රියැදුරු හා කාර්යාල කාර්ය සහායක යන කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවාවන් සඳහා පත්වීම් ලබා දීමටද කටයුතු කර තිබේ. සියලුම පිරිවෙන් සඳහා පුස්තකාලය හා කාර්යාලය කටයුතු සඳහා උපාධිධාරීන් පත්කිරීමටද කටයුතු කෙරෙනු ඇත.
ජනාධිපතිවරයාගේ දර්ශනය වී ඇත්තේ ‘ජාතික අධ්‍යාපනය යන්න පිරිවෙන් අධ්‍යාපනය‘ බවයි.‘ එමනිසා කාලාන්තරයක් තිස්සේ අවධානය යොමු නොවූ පිරිවෙන් ගුරුභවතුන්ගේ අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
පාසල් ගුරුවරුන්ගේ වැටුපෙන් වැන්දඹු අනත්දරු අරමුදල වෙනුවෙන් අඩු කර ගනු ලබන ප්‍රතිශතය 6%ක් වන අතර එය පිරිවෙන් ගුරුවරුන්ගෙන් 12%ක් ලෙසින් අය කරන ලදී. එය ඉතාම අසාධාරණ බව පිළිගත් ජනාධිපතිවරයා එම ප්‍රතිශතයද 6% දක්වා අඩු කරවන ලදී. එමෙන්ම යම් හෙයකින් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුවහොත් වසර ගණනාවක් අය කරගත් එම මුදල රාජසන්තක වන අතර එයද අසාධාරණ බවත්, නම් කරනු ලබන අයකුට එම මුදල් ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා විසින් නියම කරන ලද්දේ බුද්ධ ශාසනය රැක ගැන්මට ඇති ස්ථානය පිරිවෙන බවට ඉතා පැහැදිලි නිසාය.
ජනාධිපතිවරයා විසින් ප්‍රථම වතාවට අධ්‍යාපනය උදෙසා ඇමැතිවරයාට අමතරව රාජ්‍ය ඇමැතිවරු 4 දෙනෙක් ඇතුළත් කර තිබීමෙන් පිරිවෙන් සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර ඇත.
දහම් පාසල් පිරිවෙන් ඇතුළු බෞද්ධ අධ්‍යාපන ආයතන සම්බන්ධ වෙනම අමාත්‍යාංශයක් පිහිටුවමින් ඒ සඳහා වෙනම අයවැය සම්පාදනය කිරීමට කටයුතු යෙදීමත් බුද්ධශාසන අමාත්‍යාංශය අගමැතිවරයා යටතට පත් කිරීමත් මේ වන විට ගෙන ඇති තවත් විශේෂ කාර්යයන් ලෙස පෙන්වා දිය හැකිය.
මීට අමතරව පිරිවෙන් ආරක්ෂක අරමුදලක් හා දහම් පාසල් ආරක්ෂක අරමුදලක්ද මේ වන විටත් ස්ථාපිත කර ඇති අතර ඊට අමතරව පුරා විද්‍යා ක්ෂේත්‍රයට මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයට ජනාධිපති කාර්ය සාධක බළකා දෙකක් පිහිටුවීමද මෙහිලා ඇගැයිය යුතුය.
රජ කාලයෙන් පසුව ඉදිවන විශාලතම ස්තූපය වන සඳහිරු සෑය හරහාද පෙන්නුම් කරන්නේ මේ බෞද්ධ පුනරුදයේ තවත් එක් සන්ධිස්ථානයකි. එම සෑයේ ඉඳිකිරීම් කඩිනමින් අවසන් කිරීමෙන් පසුව අපට මේ බොදු පුනරුදයේ තවත් පිටුවක් පෙරළිය හැකිය.