
සාධාරණ සමාජයක් සඳහා ජනපතිගේ වැඩපිළිවෙළ මිස අන් විකල්පයක් නැහැ
සමාජ මාධ්‍ය ඔස්සේ කුලී මඩ ප්‍රචාර හමුදාවක් ඇවිත්
M.C.C ගැන ජවිපෙ දෙබිඩි ප්‍රතිපත්තියක
ඇමෙරිකාවේ මිලියන 50 කටරැකියා අහිමිවෙලා
නාස්ති අඩුකර ඥාති සංග්‍රහය නවතා දැම්මා
දෙදහස් දහ නවයේ නොවැම්බර් දහසය වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ යන් ජයග්‍රහණය කළේ හැට නව ලක්ෂයකට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබමිනි. එම ප්‍රතිශතය 52% පමණ වේ. මෙය මෙරට මැතිවරණ ඉතිහාසයට එක්වන්නේ අතිශය සුපැහැදිලි හා නිරවුල් ජනවරමක් ලෙසය. ගෝඨාභය මහතා මේ ජයග්‍රහණය ලැබුවේ විශාල බාධක රාශියක් මැදය. පුරවැසි බව පිළිබඳ විශාල ඝෝෂාවක් කරමින් එය අධිකරණය හමුවට ද ගෙන ගියේය. සිවිල් සමාජයේ බුද්ධිමතුන් ලෙස හැඳින්වෙන ඇතැමෙක් එතුමාට බරපතළ චෝදනා එල්ල කළහ. ජයග්‍රහණයෙන් පසු, නොවැම්බර් දහ අට වැනිදා අනුරාධපුරයේදී දිවුරුම් දීම සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති වශයෙන් ගෝඨාභය රාජපක්ෂයන් වැඩ භාරගෙන වසරකි.
එම වසරක කාලය තුළ ජනාධිපතිවරයාගේ කාර්ය සාධනය තක්සේරු කිරීම සඳහා හොඳම කාලයකි. එවැනි තක්සේරුවක් කරනුයේ ඔහු වර්ණනා කිරීමට හෝ ප්‍රශස්ති ගැයීමට නොව එය ජනාධිපතිවරයා බලයට පත් කිරීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ මේ රටේ 69 ලක්ෂයකට අධික ජනතාවට සාධාරණය ඉෂ්ට කිරීමක් වන බැවිනි. එමඟින් ඔවුන්ට තම තීරණය හරිද? වැරැදිද? ඒ ගැන සෑහීමට පත්විය හැකි ද යන්න ගැන පැහැදිලි කරගැනීමට හැකිය.
ඇතැම් රටවල ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයකින් ජනාධිපතිවරයකු හෝ ආණ්ඩුවක් තේරී පත්වූ පසුව එම නිල කාලයෙන් අඩක් ගතවූ විට නැවත ඡන්ද විමසීමක් සිදු කරයි. එය හැඳින්වෙන්නේ ‘රිකෝල් රිෆරන්ඩම්’ යනුවෙනි.
වෙනිසියුලාව සහ තවත් රටවල් කිහිපයක මෙවැනි ක්‍රමයක් තිබේ. එහිදී සිදුවන්නේ බලයේ සිටින රජය ඉවත් කිරීම නොව ඔවුන් ගැන ජනතාවගේ තක්සේරුව කෙබඳු ද යන්නය. ජනාධිපතිවරයාගේ කාර්ය සාධනය කෙසේද යන්නය. එය එක්තරා මාපකයකි. එවැනි මත විමසුමකින් ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇතැයි පෙනී ගියහොත් එය ඉවත් කිරීමට වුවද පුළුවන. ඒ නිසා මෙම තක්සේරුව ද එවැනි ‘රිකෝල් රිෆරන්ඩම්’ එකකට සමානය.
අද එය කිරීමට සිදුව ඇත්තේ ඉතා අවාසිදායක පරිසරයක් තුළ බව ද මෙහිදී අප අමතක කළ යුතු නොවේ. එය නම්, කොවිඩ් - 19 ගෝලීය වසංගත ව්‍යාප්තියයි. මේ වනවිට අප රටෙන් ද ආසාදිතයන් 15000 ඉක්මවා වාර්තාවී ඇත. මරණ සංඛ්‍යාව ද 45 ඉක්මවා තිබේ.
පළමු වටයේ මෙන් නොව එය රටේ දිස්ත්‍රික්ක 25 න් ම වාර්තා විය. එබැවින් මේ විමසුම සිදු කෙරෙන්නේ ජනතාව බියට පත්ව ඇති අවස්ථාවකය.
එකී බිය හා කම්පනය මේ ආණ්ඩුවට එරෙහි දේශීය හා විදේශීය බලවේග කිහිප ගුණයක අතිශයෝක්තියකින් ප්‍රයෝජනයට ගනිමින් ඇති අවස්ථාවකි මේ. මෙරට පසුකාලීන දේශපාලනයේ කවදත් මෙවැනි ජුගුප්සාජනක ලක්ෂණ තිබුණි. එසේ වුව ද සමාජ මාධ්‍ය යනුවෙන් භාවිතයට පැමිණ ඇති අදහස් පළ කිරීමේ වේදිකා නිසා එය ඉතා නරක තැනකට ගමන් කර ඇත. මේ ක්‍රමය යටතේ ඇතැම්විට දෙපාර්ශ්වයේම දේශපාලනඥයෝ තම ප්‍රතිවාදීන්ට සමාජ මාධ්‍ය ඔස්සේ පහර ගැසීමට කුලී මඩ හමුදා නඩත්තු කරති. එය සිදුවන්නේ කරුණු සහිතව නොව අවමන් සහගතව හා බොරු මත සමාජගත කිරීම පිණිසය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් නෙරපා හැරීමේ ව්‍යාපෘතිය දියත් වූයේ, 2010 වසරේදී මහින්ද රාජපක්ෂයන් දෙවැනි වරට බලයට පත්වූ තැන් සිටය.
එහි ප්‍රධාන තේමාව වූයේ ‘මහින්ද හොරා’ යනුවෙන් සමාජගත කිරීමයි. වටේ සිටින පිරිස සහ නිලධාරීන් ද හොරු යනුවෙන් ද ඒ සමඟම රැගෙන ගියේය. මෙවර ඔවුන් සමාජගත කිරීමට වෑයම් කරමින් සිටින්නේ, ගෝඨාභය අසමත් යන මතයයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වසරක කාර්ය සාධනය විමසා බැලීමට අපට සිදුව ඇත්තේ මෙවැනි පසුබිමකය.
ගෝඨාභය රාජපක්ෂයන් වැනි දේශපාලනය නොකළ චරිතයක් ජනාධිපති වශයෙන් 69 ලක්ෂයකට අධික ජනකායක් විසින් තෝරා ගැනීමට බලපෑ සාධක මොනවාද යන්න එහිදී වැදගත්ය. ඒ වනවිට මේ රටේ අතිමහත් ජනතාව, 2015 දී 62 ලක්ෂයකට අධික ජනවරමකින් බලයට පත් යහපාලන ආණ්ඩුව ගෙනගිය ජන හතුරු හා රටට හතුරු, ආරක්ෂක හමුදා පාවාදෙන, රට අස්ථාවර කරන, රටේ සම්පත් විකුණන පාලන රටාව ගැන කලකිරීමට පත්ව සිටියහ.
ඔවුන් ගෝඨාභය රාජපක්ෂයන් තෝරාගත්තේ එබැවිනි. එතුමා බලයට පැමිණීමට පෙර මේ කාරණා ගැන අධ්‍යයනය කළේය. දැනුමක් ඇති අයගෙන් මත විමසීය. ‘සෞභාග්‍යයේ දැක්ම’ යනුවෙන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේ ඒ අනුවය. එමඟින් මේ රෙට් දිළිඳු, ගම්බද ජනතාවට ඇති ගැටලු හඳුනා ගැනිණි. රාජ්‍ය පාලනය අකාර්යක්ෂම බව, ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතු බව, ජාතික ආර්ථිකයක් අවශ්‍ය බව, ලෝක බලවතුන්ගේ කඹ ඇදිල්ලට ගෙල සිරකර නොගන්නා ගමනක් රටට අවැසි බව හඳුනා ගැනිණි.
ඒ ඔස්සේ එතුමා නව මාවතක ගමන් කිරීමට පටන්ගත්තේය. දීර්ඝ කාලයක් තිස්සේ සියලු ආණ්ඩුවලට චෝදනාවක්ව තිබූ නාස්තිය හැකි තරම් අඩු මට්ටමකට ගෙන ආවේය. විවේචනයට ලක්ව තිබූ දේශපාලනඥයන්ගේ පුද්ගල වන්දනාව නතර කළේය. ඥාති සංග්‍රහය විශාල වශයෙන් නතර කළේය. එතුමා මේ සියල්ල කළේ ඒ සියලු දේ මුල් බැසගත් දේශපාලන සංස්කෘතියක් තුළ බව අමතක කළ යුතු නැත. එම පාර්ශ්වයේ ද එකී සංස්කෘතියට අනුගත වූවෝ සිටිති. එතුමා බලයට පැමිණියේ තනි පක්ෂයකින් නොව පෙරමුණකිනි. එහි විවිධ මත අදහස් දරන කණ්ඩායම් සිටී.
ඉතා කෙටි කලක් තුළ, අවුරුදු 5 ක් පෝලිමේ සිටි උපාධිධාරීන් 50,000 කට රැකියා ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
මේ සංඛ්‍යාව තවත් ඉහළ නැංවිණි. තවත් වැදගත් පියවරක් නම් සමාජයේ පත්ලේම සිටින දුප්පතුන්ගේත් දුප්පතුන්ගේ පවුල්වලින් තෝරාගත් ලක්ෂයකට රැකියා ලබාදීමට ක්‍රියා කිරීමය. එහි වැදගත්කම මේ පිරිසට රැකියා ලැබීමට නොවේ. එතැන සාධනීය සමාජ සංස්කෘතික ප්‍රතිඵලයක් ද ඇත. කිසිදු රැකියාවක් සොයා ගැනීමට අපහසු මේ සමාජ කොටස් අතර සමාජ අපචාර, අපරාධ, කොල්ලකෑම් සඳහා යොමුවීම වැඩිය. නිසි අධ්‍යාපනයක් මෙන් ම නිපුණත්වයක් ද නැති මේ පිරිසට නිසි ජීවනෝපායක් මින් සැලසේ. අපට වහා කළ හැකි දේ ආනයනය සීමා කර නිෂ්පාදනය ඉහළ නැංවූ අතර අපනයන ද ඉහළ නැංවිණි.
මේ සියල්ලේ ප්‍රතිඵල එකවර ලැබෙන්නේ නැත. බදු අඩු කිරීම වැනි අවස්ථාවල දී ඇතැම් විට ඒ වාසිය පාරිභෝගිකයාට නොලැබිණි. අපේක්ෂිත ඉලක්කයට සපුරා ගැනීමට අපහසු එවැනි අවස්ථා කොහොමටත් තිබේ.
වසරක් තුළ සිදුවූ සියල්ල විමසීමට වඩා මෙහිදී අපගේ වැඩි අවධානයක් යොමුවන්නේ; ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ පළමු වසර තුළ විදේශ සබඳතා කළමනාකරණය කළ අයුරු විමසීමටය. එතුමා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ නොවැම්බර් 18 වැනිදාය. දෙසැම්බර් මාසය වනවිට චීනයෙන්, කොරෝනා පිළිබඳ වාර්තා විය.
මේ වසරේ ජනවාරි මාසය වනවිට චීනයේ වූහාන් හි සිටි ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට සිදුවිය. ඉන්පසු එය ලොව සෑම තැනින්ම පාහේ වාර්තා වෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.
ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිත පළමු රෝගියා ගැන වාර්තා වූයේ පෙබරවාරි මාසයේදීය. ඇය චීන කාන්තාවකි. මෙරටදීම ප්‍රතිකාර ලැබූ ඇය සුවය ලබා තම රටට ගියාය. මෙරට තුළ පළමුවෙන්ම ආසාදිත පුද්ගලයකු වාර්තා වන්නේ මාර්තු මාසයේදීය. එවක් පටන් ලෝක තත්ත්වය වඩා අයහපත් අතට හැරී තිබියදී එම පළමු වටය සාර්ථක ලෙස පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. එම ක්‍රමවේද මෙන් ම ලැබූ සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා ලොව සෙසු රටවල ප්‍රශංසාවට ලක්විණි.
වසංගත සමයක මෙරට ගත කිරීමට සිදුව තිබූ විදේශිකයෝ ශ්‍රී ලංකාව අනුගමනය කළ වැඩපිළිවෙළ මෙන් ම තමන් සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය ගැන ලොවට කීවේ ප්‍රශංසාත්මකවය.
මෙරටින් ගත හැකි ආදර්ශ පිළිබඳ ද ඇතැම්හු වාර්තා කළහ. ලොව පළමු වරට, මෙම වසංගතයට මුහුණදීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන ඇති කළේ අපය. කුඩා භූමි ප්‍රමාණයක මිලියන 22 ක් විසිරී සිටින රාජ්‍යයක් වුව ද අපට මේ තත්ත්වය සාර්ථකව කළමනාකරණය කිරීමට හැකි විය.
එසේ කිරීමට හැකි වූයේ, නිරන්තරයෙන් වාර්තා ලබා ගනිමින්, ඒවා අධ්‍යයනය කරමින් හා ඒ අනුව තීරණ ගනිමින් ජනාධිපතිවරයා දවසේ ¾ ක් ම ඒ වෙනුවෙන් වෙහෙසකරව කැපවෙමින් ලබාදුන් නායකත්වය හා සෞඛ්‍ය, ආරක්ෂක ආදී අංශවල වෙහෙසකර කැපවීම හා දායකත්වය හේතුවෙනි.
ස්වභාවිකව ඇතිවන මෙවැනි වසංගත ලෝක ඉතිහාසයේ වරින්වර සටහන්ව ඇත. මීට කලින් අවසන් වරට එවැනි ගෝලීය වසංගතයක් ඇතිවූයේ සියවසකට පමණ පෙර වර්ෂ 1918 දී ස්පාඤ්ඤ උණ වසංගතයයි. බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකි වුව ද මේ වසංගතයෙන් ලංකාවේ විසි දහසක් පමණ ජීවිතක්ෂයට පත්විය. ඊට ප්‍රතිකාර පවා නොවීය.
සියවසකට පසු ආ කොරෝනා ගෝලීය වසංගතයේ දෙවැනි වටයකට මුහුණදීමට ද ලෝකයටම සිදුව ඇත. පසුගියදා ඇමෙරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන විට දෛනිකව හමුවන ආසාදිත පුද්ගලයන් ගණන ලක්ෂය ඉක්මවා ගියේය. මැතිවරණ දිනය වනවිට මේ වසංගතයෙන් මිය ගිය සංඛ්‍යාව දෙලක්ෂ තිස්දහස ඉක්මවා තිබිණි. දැනට වාර්තා වී ඇති ආසාදිත සංඛ්‍යාව කෝටිය ඉක්මවා ඇත.
කොරෝනා පළමු වටයත් සමඟම ගෝලීය ආර්ථිකය බිඳ වැටිණි. සංචාරක ව්‍යාපාරය බින්දුවට ම කඩා වැටුණු අතර, ආනයන - අපනයනවලට ද මේ තත්ත්වය බලපෑවේය. එහි බලපෑම් ශ්‍රී ලංකාවට ද අදාළය. විදේශගතව සිටින ප්‍රජාවගෙන් ලැබෙන ආදායම් බොහෝ සෙයින් පහත වැටී තිබේ. ජනාධිපතිවරයාට මේ ගමන ඉදිරියට යාමට සිදුවූයේ, මෙවැනි අර්බුදකාරී පසුබිමකය.
පළමු වටයේදී ලැබූ අත්දැකීම් සමඟ ශ්‍රී ලංකාව මේ වටය ද මැඬ පැවැත්වීම පිණිස ක්‍රියා කරමින් සිටී. ජනාධිපතිතුමා ද පිළිගන්නා පරිදි එහිදී යම් අඩුපාඩු, අතපසුවීම් ද සිදුවිය. ඒවා ද හඳුනා ගනිමින් හා ඒවායෙන් පාඩම් ඉගෙන ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සිදුවේ.
මෙය සාමූහික ක්‍රියාන්විතයක් ලෙස සලකා ක්‍රියාත්මක වෙමින් සිටී. එහිදී ජනතාව වගකීමෙන් හා අදාළ අංශ සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් මෙන් ම අවශ්‍යය. වරින්වර මතුවන මෙවැනි වසංගත මෙන් ම මේ වසංගතය ද දවසක තුරන්වනු ඇත. එය වසංගතවල ස්වභාවයයි. ශ්‍රී ලංකාවටද ඊට මුහුණදීමේදී තිබූ අධිෂ්ඨානය මෙන් ම කැපවීම අනුව ඉදිරි කාලය පිළිබඳ ප්‍රක්ෂේපණය කළ හැකි ය.
වසරක ගමන් මග දෙස හැරී බලන විට හා ඒ ඔස්සේ අනාගතය දකින විට ලෝක දේශපාලන යථාර්ථය තේරුම් ගැනීම, නිවැරදි මතයකට එළැඹීමේදී වැදගත් ය. අප ජීවත්වන්නේ ආධිපත්‍යවාදී ලෝක රටාවක් ඇති පරිසරයකය. ඉන් අදහස් කෙරෙන්නේ ලොව ධනවත් හා බලවත් රටවල් සමස්ත ලෝකයම පාලනය කරමින් ඇති බවය.
අද වනවිට එම අධිපතිවාදී ලෝක රටාවේ මුඳුනේම සිටින බල කේන්ද්‍රවලට අභියෝග කරමින් අතිරේක බල කේන්ද්‍ර කිහිපයක් ද නැඟී සිටී. එවැනි අතිරේක බල කේන්ද්‍ර අතර ඉදිරියෙන් ම සිටින්නේ චීනයයි. ඊළඟට රුසියාවය.
මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ජෝ බයිඩ්න් කියා සිටියේ, ඇමෙරිකාවට සිටින ලොකුම හතුරා රුසියාව බවය. මෙම බල කේන්ද්‍ර අතර ධනය හා බලය අතින් ලෝකයේ ප්‍රමුඛයා වීමට ඇති සටනේදී වාණිජමය වශයෙන් නාවික ගමනාගමනය අතින් මෙන්ම උපායමාර්ගික අතින් ද ඉතාමත් වැදගත් භූගෝලීය ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව තමන්ගේ අවනත භාවයට ගැනීමට ඔවුන් වෑයම් කරමින් සිටී.
ඇමෙරිකාව, යුරෝපා සංගමය, ජපානය, චීනය, ඉන්දියාව වැනි රටවල් අපේ රටට බලපෑම් කරමින් ඇත්තේ මේ නිසා බව පැහැදිලිය. එවැනි බලපෑම් මැද වුව ද මේ වනතෙක්ම නොවැටී සිටීමට අපට හැකිවී ඇත.
MCC අත්සන් කරන්නට උත්සාහ කරන්නේ යැයි අද ඝෝෂා කරන ජවිපෙ එදා ඔවුන් ද සහාය දුන් යහපාලන ආණ්ඩුව 2019 ඔක්තෝබර් 30 වැනිදා MCC සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්නා විට නිශ්ශබ්දව සිටියේය. අද සිටින විපක්ෂනායකවරයා, සමඟි ජනබලවේගයේ නායකයා ද ඒ කැබිනට්ටුවේ සිටියේය. මේ අය, MCC දේශපාලන ආයුධයක් කරගෙන ඇති නමුත් මේ දක්වාම ආණ්ඩුව ඊට කැමැත්ත පළකර නොමැත.
චීනයේ ඉහළ පෙළේ නියෝජිත යැංග් ජියෙන් පැමිණි අවස්ථාවේ ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ පැමිණි අවස්ථාවේ ද ජනාධිපතිවරයා පැහැදිලිව ම කියා සිටියේ ශ්‍රී ලංකාව අනුගමනය කරමින් සිටින්නේ නොබැඳි, මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් බවය. රටේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව ආදී කාරණා සම්බන්ධයෙන් කිසිදු අයුරකින් අතරමැදි සමාදානයකට අවනත වීමට තවත් සූදානම් නැති බව ඉන් පෙන්වාදී තිබේ.
එබැවින්, චෝදනා නඟන අය එලෙස කරමින් සිටින්නේ සාක්ෂි, සාධක නැතිවය, එවැන්නක් කර හෝ කරන බවට සහතිකයකුත් නැති පසුබිමකය. සෑම රටක් සමඟම මිත්‍රශීලීව කටයුතු කිරීම අපේ ප්‍රතිපත්තිය වී තිබේ. තිස් අවුරුද්දක් තිස්සේ දිග් ගැසෙමින් ගිය යුද්ධමය, එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී ත්‍රස්තවාදය, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සේනාධිනායකත්වය යටතේ පරාජය කිරීමත් සමඟ නිමාවට පත්විය.
ඊට අවශ්‍ය දේශපාලන නායකත්වය ද ලබාදෙමින් සේනාධිනායකයා ලෙස එතුමා තීන්දු තීරණ ගන්නා විට යුදමය ජයග්‍රහණයට අවශ්‍ය හමුදාමය උපායමාර්ග සම්පාදනය කරමින් ක්‍රියාවට නැංවීම සඳහා පුමුඛ කාර්යභාරය ඉටු කළේ එවක ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ය. ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ආරක්ෂාව, ආරක්ෂාවූ අතර සෑම ජන කොටසකටම නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය තහවුරු විය.
එසේ වුවද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ එල්ල වූ පදනම් විරහිත යුද අපරාධ චෝදනාවලට පිළිතුරු දීමට ශ්‍රී ලංකාවට සිදුවිය. යහපාලන රජය සමයේ ඇමෙරිකාවේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ එම කවුන්සිලය හමුවට රැගෙන ආ යෝජනාවට ශ්‍රී ලංකාව ද සමහවුල්කාරිත්වයක් දැක්වීය.
රටට එරෙහිව ඉදිරිපත්වූ යෝජනාවකට එලෙස තමන් ද හවුල්කාරීවීම බරපතළ කාරණයකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව එම සමහවුල්කාරිත්වයෙන් ඉවත්වූ බව සඳහන් කළ යුතු ය.
ජාත්‍යන්තර සබඳතා විෂයය ක්ෂේත්‍රයේදී රටක විදේශ ප්‍රතිපත්තිය යනු දේශීය ප්‍රතිපත්තියේම දිගුවක් බව පිළිගැනේ. ඒ කාරණය මෙහිදී ද පැහැදිලිය. යහපාලන ආණ්ඩුවේ දේශීය ප්‍රතිපත්තිය වූයේ, අපේ රටේ දේශපාලනය, මැතිවරණ ක්‍රමය, වෙළෙඳාම ආදී මේ සියල්ල බාහිර ලෝකයේ බලවත් රටවලට අවශ්‍ය පරිදි හැඩ ගැස්වීමය.
එසේ වුව ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ දේශීය ප්‍රතිපත්තිය වී ඇත්තේ ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය රැකගැනීම, ජාතික සම්පත් රැක ගනිමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමය. මේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ගොඩනැඟී ඇත්තේ ද එය මුල් කරගෙනය. එය නොබැඳි, මධ්‍යස්ථ විදෙස් පිළිවෙතකි.
ගතවූ වසරක කාලය තුළ මෙරට කිසිදු සම්පතක් පිටරටවලට කුණු කොල්ලයට විකුණා නැත. ජපානය, ඉන්දියාව, චීනය, ඇමෙරිකාව, යුරෝපා සංගමය වැනි ලොව බලවත්ම ආර්ථික හා මිලිටරි බලවේගවල තරගය ද මෙය පහසු කාරණයක් නොවේ. එවැනි පසුබිමක මේ ස්වාධීනත්වය පවත්වා ගැනීමට අභියෝගයක් හා ජයග්‍රහණයකි.
ශ්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් ඇති, නූතන තාක්ෂණය භාවිත කරන, නූතන පන්නයේ රාජ්‍යයක් ලෙස මෙන් ම විනය ගරුක රටක් බවට පත් කිරීමේ අභියෝගය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙත පැවරී ඇත. ඒ බාහිර බලපෑම් හමුවේ වුව ද ශක්තිමත් රාජ්‍යයක් ලෙස මේ දේශය ගොඩනැඟීමේ වගකීම ද සමඟය. එහිදී පිරිසිදු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ද අවැසිය. නොබැඳි මධ්‍යම විදේශ ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීම අදාළය.
කොවිඩ් - 19 හේතුවෙන් ගෝලීය ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව ඇත. ඇමෙරිකාවේ පමණක් මිලියන 50 කට පමණ රැකියා අහිමිවී තිබේ. ඉදිරි කාලයේ මහා සාගතයකට ද මුහුණදීමට සිදුවනු ඇතැයි මත පළවේ.
මෙවැනි ගෝලීය අභියෝගවලට ද ශක්තිසම්පන්නව මුහුණදෙමින් ස්වාධීන රාජ්‍යයක් ලෙස නැඟී සිටින අතර, සැමට අවස්ථා හිමිවන, සාධාරණ ලෙස සම්පත් බෙදී යන ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීමේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතිතුමන් ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ මිස අන් සාර්ථක විකල්පයක් නැති බව පැහැදිලිය.